මවකගේ ආදරය තරම් පවිත්‍ර ආදරයක් මේ මුළු විශ්වයේ ම තවත් නැති තරම්.ඒ ආදරය ගැන බොහෝ වෙලාවට,බොහෝ තැන්වලදි කතාබහ කෙරුණු අවස්ථා අප්‍රමාණයි.දරුවකුට වෙනසක් නැතිව දෑත දිගු කරන්නෙ අම්මා කෙනෙක් තමයි කියලා බොහෝ දෙනා දැනවුන්නත් අද වෙද්දි දරුවන් මහමඟ දමා යන මරා සඟවන අම්මා යැයි කීමට පවා නොහැකි කතුන්ද සමාජයේ බොහෝ තැන්වලදි හමුවෙනවා.
අපේ සාහිත්‍ය සමාජය දිහා ආපස්සට හැරී බැලුවොත් වැඩිපුරම කවි ගී ලියැවිලා තියෙන්නෙ මාතෘත්වයට වෙන්න ඇති.ඒකට හේතුව වන්නෙත් කිසිදිනෙක නිමා නොවන අපරිමිත සෙනෙහස.
මවකගේ සෙනෙහස බොහෝ දෙනකුට වඩාත්ම දැනෙන්න ගන්නෙ ඇයගේ රැකවරණය අහිමිවුණාට පසුව.ඒ රැකවරණය අහිමිවුණු දරුවන් සමාජ සංස්ථාව ඇතුළෙ නොයෙක්විද ඛේදවාචකවලට මුහුණදෙන වග බොහෝ දෙනා දන්නා කාරණාව ක් වුණත් තවමත් සමාජය වසන් කරන කාරණාවක්.
මවකට සමකල හැකි ආදරයක් මිහිමත තිබෙනවාද කියන කාරණාවට පිළිතුරක් මේ සමාජය ඇතුළෙ සොයන්න ගියාට බොහෝ දෙනකුගෙ මතය වන්නෙ එහෙම ආදරයක් කොහේවත් නැහැ කියන එක.නමුත් එහෙම රැකවරණයක් ,ආදරයක් අප හමුවේ නොදන්නා තැනක අදටත් තියෙන්න පුළුවන් .
මල් සරා ඉතින් අරන් යන්න
මල්සර මල්කම්
අක්කගේ වුණත් දැන් මගෙමයි
මේ දරු පැටවුන්....
ගඟ දියේ ගියපු කිරි මුට්ටිය
යළි එන්නැති කොට
ලේ කිරි වෙනුවට මම පොවන්නෙ
මගෙ කඳුළැලි කැට
උන් බාලොලි ලොලි ගී ගයන්න
තුරුළට එනකොට
මල්සර යහනේ නිදන්න මට
දැන් නෑ අවසර.....
නුඹ මදෙස බලා හිතාමතා
විදීවි මල්සර
ඒ මල් සුවඳට හැමදාමත්
රිදේවි මගේ හිත
හෙට උදෑසනින් හිරු දකින්න
උන් ඇහැරෙනකොට
මං විතරයි මේ ගෙදර ඉන්නෙ
දොර ඇර දෙන්නට...
ගායනය - ශානිකා සුමනසේකර
සංගීතය - දර්ශන වික්‍රමතුංග
මවකගේ සෙනෙහස ,රැකවරණය අහිමිවුණු හැම දරුවකුටම බොහෝවිට ඒ රැකවරණය බලාපොරොත්තුවන්නේ මිත්තණියගෙන්.ඒ ඇය මවටත් නොදෙවෙනිව දරුවන්ට ආදරය කරන නිසා.ඉන් එහාට දරුවන්ට ප්‍රාණ සමව අාදරය කරන්න පෙළෙඹෙන්නේ මවගේ සහෝදරියන්.
ලාංකීය ජන සමාජය ඇතුළේ තම සහෝදර සහෝදරියන්ගෙ දරුවන්ට අම්මා වුණු සහෝදරියො ඕනෑතරම්.ඒ හැම තැනකම තියෙන්නෙ කිසිදාක නොගිලිහෙන ලේ බැඳීමක්.
අඟහිඟකම් ,බැරි අමාරුකම් ගෘහ ජිවිතය තුළ ඉහටත් උඩින් දෝර ගලද්දි බොහෝ කාන්තාවො තමන්ගෙ ස්වාමියාට හයියක් වෙන්න කුමක්හෝ රැකියාවක් කරන්න පෙළඹෙන්නෙ නිරායාසයෙන්.එතැනදි බොහෝ කාන්තාවො මැදපෙරදිග රැකියා තෝරාගැනීම අදටත් වන දෙයක්.මේ වගේ අවස්ථාවලදි බොහෝ දෙනා තම දරුවන් පවරන්නෙ තමන්ගෙ සහෝදරියන්ට.මෙි වගේ සිද්ධීන් තුළ යහපත් වගේම අයහපත් සිදුවීම් සමාජය තුළ දැකගන්නට තිබුණත් මේ ක්‍රමවේදය අද දවසේත් වෙනස්වෙලා නැහැ.ඒ සිදුවීම් කෙසේවෙතත් විවිධ හේතුමත මව් සෙනෙහස අහිමි දරුවන්ට අම්මාකෙනෙකු වීම ඇදහියයුතු කාරණාවක්.
"මේ ගීතය මගෙ අතින් ලියවුණේ දෙදාස් නවය දහය වගේ අවුරුදුවල. ඒ වෙනකොට මම කල්පිටිය ප්‍රාදේශීය සභාවෙ වැඩ කළේ. ඒ කාලෙ ඒ කාර්යලයේ සේවය කළ නව යොවුන් වියේ තරුණ සහෝදරියකගේ අත්දැකීමක් තමයි මේ ගීය ලියැවෙන්න හේතුව.
ඈ රූමත්. දුටුවනම තුරුණු හිත් පැහැරගන්නට සමත්. ඇය දෙස ප්‍රේමණිය බැලුම් හෙලූ අයත් ඉන්නට ඇති. කාලය ගෙවෙන අතරතුර මේ නිවසේ බොහොම කනගාටුදායක සිදුවීමක් වුණා. මේ නැගණියගේ පුංචිඅම්මා දරු සිඟිත්තියන් දෙදෙනෙකුගේ මවක්. එක් දැරියක් අවුරුදු 3ක් විතර ඇති මගෙ මතකෙ හැටියට. අනෙක් දැරිය ගොඩක්ම පුංචියි. හුරතල්. මාස හය හතක් විතර ඇති. මේ පුංචි පැටික්කි වැඩි හරියක්ම හිටියෙ මම ඔය කිව්ව නැගණියගෙ තුරුල්ලෙ.
ඉතින් මේ දරුවන්ගෙ අම්මට හදිසියෙම ලොකු අසනීපයක් හැදුණා. වෛද්‍යවරුන්ට නිශ්චය කරගන්න බැරිවුණු අසනීපයක්. හොඳටම අසාධ්‍ය වුණා. කතා බහ කරන්න බැරිවුණා. මිය ගිය සිරුරකට සාත්තු කරනවා වගේ තත්වයක් තිබුණේ. කාලය හෙමින් සැරේ ගෙවුණා. ඉතින් මේ අසනීපයත් එක්කම අර කිරිබොන වයසේ පුංචි සිඟිත්තිය මගේ යෙහෙළියගේ උණුහුමට ළංවුණා. කොයිතරම් හුරුවුණාද කිව්වොත් ඇය බහතෝරනකොටම “අම්මි“ කියන්න පටන් ගත්තෙ ඇයට. රෑට නිදාගත්තෙ ඇගේ උණුහුමට ගුලිවෙලා.
මව් ළමැදක් නොවුණ නිසා කිරි නොඑරුණත් ඈ මේ පුංචි දෝණිට ලෝකයටම රහසින් කඳුළු පෙව්වා. ඈ එය අපේ අනික් යහළුවන්ට කියා තිබුණා මහ රෑ අර පුංචි සිඟිත්තිය තමන්ගෙ තනපුඩුවට කට තියල කිරි උරනව කියල. ඇයට වැඩට එන්නවත් හිත දුන්නෙ නෑ මේ දරුව දාල. අන්තිමේදි එක්තරා දවසක මේ දරු පැටවුන්ගේ අම්මා මේ දරුපැටවු තනිකරල හුස්ම හංගගත්ත. ඔවුන්ට හැබෑ අම්ම නැතිවුණා.
ඒත් පුදුමය? උන්ගේ වාසනාව මොනතරම්ද? මගේ යෙහෙළිය උන්ට නැති වුණ මව් සෙනෙහස අත් නොහැර දුන්නා. දරුවන්ගේ අම්මා මිය යන්න කලිනුත් ඇගේ ඇසුරින් වෙන්ව මේ නැගණියට ඇගෙ උණුසුමට හුරු වූ නිසා දරුවන්ට වෙනසක් නොදැනෙන්නත් ඇති. ඈ සංවේදී වුණා. ඇයටත් මේ දරුවන් දෙන්නා නැතිව ඉන්න බැරි තරමටම දරුවන්ට තව දුරටත් ළංවුණා. මේ දරුවන් සහ මගේ යෙහෙළිය අතර සෙනෙහසේ බැඳීම කාටත් අදහගන්න බැරිවුණා. කවුරුත් ඒ ගැන කතා කළා. හැගීම්බර වුණා. අන්තිමට මේ පැටවුන්ගේ අම්මා ඇයම වුණා. එය උප්පැන්න සහතිකයකින් තහවුරු නොවුණ ඒත් ඇඟ පුරා ලේ නහර පුරා දුවන දාරක ප්‍රේමයක් වුණා.
කාලය නොනැවත ගලා ගියා. ඇයට නොයෙක් තරුණයින්ගෙන් ප්‍රේමාරාධනා ලැබුණා. ඇය ඒ සියල්ල ප්‍රතික්ශේප කළා. ඇගේ ලෝකය වුණේ අර දරු පැටවුන් දෙන්නා පමණයි. මා දන්නා තරමින් ඇය තවම තනිකඩයි. ඒකට මම මේ කියාගෙන ආව කතාවෙ බලපෑමත් දැඩිව තියෙන්න ඇති කියල මම හිතුව.
ඉතින් මේ සිද්ධි ටික මාව ගොඩක් රිදෙව්වා. ඒ රිදුම තමයි පද පෙළක් විදියට කොළයක ලිව්වෙ. ඒක අවුරුදු හත අටක්ම ෆයිල් එකක් අස්සෙ තිබුණා . අහම්බෙන් තමයි මේ පද දැකපු ශානිකාගේ ආදරණීය සැමියා වන රවීන් එය ශානිකා වෙනුවෙන් වෙන් කරන්න කිව්වෙ. මං මොකටද ඒකට අකමැති වෙන්නෙ.
මගේ පද පෙළේ හැංගුණ වේදනාව දැනෙන කටහඩක් ශානිකාට තිබුණා. ඉතින් මටත් වඩා උනන්දුවෙන් රවීන්, දර්ශනවත් එකතුකරගෙන මේ අතිශයින්ම රමණීය තනුව නිර්මාණය කරගෙන ශානිකාගේ අති සංවේදී සුගායනීය හඩින් ගැයුවා. ඒ මොහොතෙත් මං මේ සිදුවීම් සිදුවුණ සංදියේ වගේම මගෙ කඳුළු හංගගත්ත.
නොලැබෙන පෙමකට වෛර කරන, දිවිනසාගන්නා තරුණියන් සිටින කාලයක මගේ යෙහෙළියගේ ජීවිත පරිත්‍යාගයත්, ආදරයේ පරිත්‍යාගයත් මිල කළ හැකිද? "
එහෙම කියන්නෙ අපේ පරපුරේ ප්‍රතිභාපූර්ණ ගී පද රචකයකු වන සුගත් සෝමවීර.බාල බොළඳ ,දිගක් පළලක් නැති ඕලාරික ගීත සමාජයේ අස්සක් මුල්ලක් නෑර ඇහෙද්දි සුගත්,ශානිකා,දර්ශන සුසංයෝගයෙන් බිහිවුණු මෙවැනි ගීත මතු පරපුර කවදාහරි දවස විඳීවි.අපි ඒ දවස උදාවනතුරු බලා ඉමු.
විවරණය: සුජිත් ප්‍රසංග
ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාමේ අරමුණ සහිතව ඔහු වෙනස්ම ආකාරයේ නිර්මාණයක් තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් අතර, එය මෙරට මෙන්ම
මේ දිනවල තිරගත වෙන “සික්ස්ටි නයින්” (69) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය ඇයයි. රංගන ශිල්පිනියක් තරම් රුවැති මේ අධ්‍යක්ෂවරිය නමින් වින්ධ්‍යා හාරිස්පත්තුවයි. සි
යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.
මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි
සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මල්සර යහනේ නිදන්න මට දැන් නෑ අවසර...