IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිමි නාවෙ ඇයි මේ රැයේ...

දෙහදක් එකට  අාදරයෙන් බැඳුණම කෙලවරක් දකින්නෙ විවාහයකින්.සමහර වෙලාවට විවාහ දිවියට පත්වුණාට පස්සෙ වුණත් හදවත් එකට බැඳෙන්න පුළුවන් .ඒ කොහොම වුණත් විවාහ සංස්ථාව ඇතුළෙ වඩාත් වැදගත්වන කාරණාව තමයි ආදරය හඳුනාගෙන ජීවිතය ට මුහුණදීම.

විවාපත් වූ හැම යුවළකගේම වගේම තම තමන්ගේ සනුහ⁣රේම බලාපොරොත්තුව වන්නේ දරු සම්පතක්.ආසියාතික ජන සමාජයේ එදා වගේම අදත් දරුවකු ජීවිතයට එකතු කර ගැනීම යන කාරණාවට මූලිකත්වය ගෙන දෙන්නෙ ⁣පවුලකට සෞභාග්‍යය උදා කරන්නෙ දරුවකුගේ සුවඳ,කටහඬ නිවෙසක පැතිර ගියොත් පමණයි යන කාරණාව නිසා.

නමුත් විවාහ ජීවිතයට එළැඹෙන හැම ගැහැනියකටම දරුවන් උරුම නැතිවග මේ සමාජය ඇතුළෙ පිළිගන්නෙ අඩුවෙන්.ඒ නිසා අද සමාජය තුළත් ඇය විඳින අවමන් නිමක් නැහැ.

බොහෝ වෙලාවට සැමියා අනියමි ඇසුරකට යොමු වෙන්න හේතු කාරණවක් විදියට සමාජය සලකන්නෙ බිරිඳට දරු සම්පත් අහිමි වීම වුණත් අද වෙද්දි ඒකම හේතුවක් ලෙස සලකන්න බැරි මේ කාලය වෙද්දි අහන දකින බොහෝ දෑ නිසයි.
සමාජ මාධ්‍ය ,තාක්ෂණික දියුණුව මතම ලෝකය දියුණු වෙද්දි අනියම් සඹඳතා විලාසිතාවක් බවට පත්වීම සුලබ දෙයක්.එය  පිළිලයක් බවට පත්වන තරමටම සමාජය හැඩගැසී තිබීම කනගාටුවක්.

රි⁣දී දෝලිය නංගියේ
හැංගුණා ඉර හිමගිරේ
හිමි නාවෙ ඇයි මේ රැයේ
ඉදෙනවද රෑ බත ඔහේ...

මගෙ සුවඳ ගැලු නිවහනේ
නුඹෙ පුසුඹමයි දැවටුණේ
සිහින මල් පිපිලද ඔහේ
හීතලයි මගෙ සයනයේ..

ආව සඳ හිමි ගෙට නුඹේ
සෝදවන් පය උණු දියේ
මමයි නංගියෙ දෙවියනේ
රන්දෝලි,නැති දරුසෙනේ...

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් 
සංගීතය - රෝහණ ධර්මකීර්ති

දවසින් දවස අලුත් ගීත සමාජගතවන කාලයක හදවත වැළඳගැනීමට සමත්වන නිර්මාණ බිහිවෙන්නෙ අඩුවෙන්.බොහෝ අලුත් නිර්මාණකරුවො තම ගීත නිර්මාණ සඳහා තෝරාගන්නා තේමාව බොහෝවිට සුලබයි.එයට හේතුව තමයි ඉතිහාසය ,සාහිත්‍යය ,ජනාශුතිය පරිශිලනය මඟහැරගැනීම.ඒ නිසා බොහෝ දෙනා ප්‍ර්‍ෙමය,විරහව මත පමණක් රැඳී නිර්මාණකරණයේ යෙදීම දකින්න පුළුවන්.

" රිදී දෝලිය නංගියේ" ගීතය ප්‍රේමය විඳිමින් ඉන් එහාට ජීවිතය ස්පර්ශ කළ ගීතයක් ලෙස සමාජගතවද්දී ගී පද රචනා ක්ශේත්‍රය ට අලුත් මං සොයා යන ගීපද රචකයකුත් හමුවනවා.ඔහු රෝහණ අරුප්පොළ.

"දරු සම්පත අහිමි බිරිදක් සිය සැමියාට දරු සම්පතක් ලබා දුන් වෙනත් කාන්තාවක් දෙස ඉතාම උපේක්ෂාවකින් දකින අයුරු වෙනස්ම රටාවකින් ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණා.
පුරාණ ලංකාවේ රජුගේ ප්‍රධාන බිසව රන්දෝලි නම් වන අතර දෙවන අන්තපුර බිසවුන් යකඩ දෝලි නම් ලබන අතර මේ ගීතය සඳහා වඩාත් අලංකරණයක් ලෙස නූතන කතාවට ගැලපෙන පරිදි ඔහු හදවත දිනූ ඇය රිදී දෝලි ලෙසින් නම් කළා.

නූතන ඉතිහාසයේ ක්‍රිව 1700 ප්‍රථම කාර්තුවේ පමණ සඳහන් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කුණ්ඩසාලේ කුමාරයාගේ ප්‍රධාන බිසවුන්, දස්කොන්ට පෙම්කල බව පැවසෙන දකුණු ඉන්දීය ප්‍රමිලා දේවිය වන නමුත් රජුගේ හද දිනූ කුමරිය අතිශයින් රූමත් මාතලේ මොණරවිල ටිකිරි කුමාරි යි.

ප්‍රමිලාට දරු සම්පත අහිමි බැවින් රජුගේ ආදරයෙන්  කුමාරයෙක් උරුම කර දුන්නේ මාතලේ ටිකිරි කුමරියි.ඔහු උනම්බුවේ කුමරා ලෙස සමහර වාර්තාවල දක්වා තිබෙනවා.නමුත් විවිධ කුමන්ත්‍රණ නිසා ඔහුට රජකම නොලැබීම ජාතියේ මහා අවාසනාවක්. මෙය හෙල රජවරුන් ගේ අවසාන පරිච්ඡේදය.

මේ කතාන්දරයත් වර්තමානයේ අහන දකින බොහෝ සිද්ධීන් ඔළුවෙ තියාගෙන තමයි මේ ගීතය ලියැවෙන්නේ"

තමන්ගේ සැමියා අන් ගැහැනියකගේ පහස ලැබීම ⁣බොහෝ කාන්තාවන් දකින්නේ තම මුළු ජීවිතයම විනාශ කර දමන මහා ඛේදවාචකයක් ලෙස.ඒ දෙස උපේක්ෂාවෙන් බලන ගැහැනියක් හමුනොවන තරම්.
හෙලයේ මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත " කළුවර ගෙදර " නවකතාවේ තීතන් තම විවාහක බිරිඳ ට දරුඵල නොමැතිවීම මත නිවෙසට තවත් බිරිඳක් එක්කරගන්නේ පළමු බිරිඳගේ ආශිර්වාදයෙන්.ඒ වගේම මෑතක් වනතුරුම උඩරට ජන සමාජයේ එකගෙයි කෑම වැනි විවාහ විධි දක්නට තිබුණු අතර අඩ දබරවලින් තොර පවුල් ජීවිත ගෙවී ගියා.නමුත් කාලයත් සමඟ මේ බොහෝ සංකල්ප ජන සමාජයෙන් ඉවත්වන්නේ විවිධ  සංස්කෘතික කාරණා මුල්කරගෙන.

විවාපත් ගැහැනියකගේ ජීවිතය සරසන්නෙ කිරි සුවඳ.ඒ කිරි සුවඳ හැම ගැහැනියකටම උරුම නොවන්න පුළුවන්.පරම්පරාව රැකෙන්න දරු මල්ලන් පතන හැම පිරිමියකුටම වැටහිය යුතු කාරණාව එයයි.ඒ හැම ගැහැනියකටම රිදී දෝලියක් දෙස නිදහස්ව බැලුම් හෙලන්න තරම් ශක්තියක් නොමැති නිසායි.

විවරණය: සුජිත් ප්‍රසංග



අදහස් (0)

හිමි නාවෙ ඇයි මේ රැයේ...

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 54 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site