IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් නීති කැඩූ මාතලේ 2,000කට නඩු

(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස්  කඩ කළ  පුද්ගලයින් 2000කට නඩු පවරා ඇති බව  මාතලේ කොට්ඨාස බාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  අනුරුද්ධ බණ්ඩාරනායක මහතා අද(19)දා පැවසීය. 
 
මාතලේ දිස්ත්‍රික්  කෝවිඩ්  පාලන මෙහෙයුම් කමිටුවට  සහභාගි වෙමින් පොලිස් අධිකාරිවරයා මෙම  අදහස් පළ කළේය.
 
මුඛ ආවරණ නොපැළඳීම,  සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත නොකර වෙළඳාම  ඇතුළු සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කර තිබෙන බව ඒ මහතා කීය.කෝවිඩ් වසංගතය පාලනය කරගැනීම සඳහා සෑමවිටම සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස්  පිළිපදින ලෙසද පොලිස් අධිකාරියවරයා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
 
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ පෙරේරා,  මාතලේ දිස්ත්‍රික් කෝවිඩ්-19 වසංගත පාලන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් එස්.යූ.එම්.එන් මානගේ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  චමින්ද වීරකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්  ඉෂාන් විජේතිලක  යන මහත්වරු  ඇතුළු  රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.  



අදහස් (0)

කොවිඩ් නීති කැඩූ මාතලේ 2,000කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13553 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site