IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මාතර නිමි ඇඳුම් අලෙවි සලකට වෙඩි ප්‍රහාරයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


යතුරුපැදියකින් පැමිණී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු අද  (29) අලුයම මාතර නගරයේ ප්‍රසිද්ධ නිමි ඇදුම් අලෙවි ආයතනයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.


වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත. එහි ආරක්ෂක නිලධාරියා ද පසෙකට පැන බේරී තිබෙන බව කියති.


මෙම නිමි ඇදුම් ආයතනයේ පස් වැනි සහ හය වැනි මහල් වල වීදුරු වලට වෙඩි වැදීමෙන් අලාභ හානි සිදු වී ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
 
ටී. 56 වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
 
එම ගොඩනැගිල්ල අවට බිම වැටී තිබු හිස් පතොරම් කොපු පහළොවක් පොලීසිය සොයා ගෙන තිබේ.


මෙය කප්පම් සිද්ධියක් පදනම් කර ගෙන සිදු වු දෙයක් ද එසේත් නොමැතිනම් වෙනත් අරමුණකින් සිදු කළ ක්‍රියාවක් ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.
 
අදාල වෙඩික්කරුවන් හඳුනා ගැනීම සදහා ප්‍රධාන මාර්ගය දෙපස සී.සී.ටී.වී ආරක්ෂිත කැමරා පරික්ෂා කිරීමේ කටයුතු ද පොලීසිය ආරම්භ කර ඇත.
 
ඊට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් තුනක්ද විමර්ශන කටයුතු සදහා පත් කර තිබේ.
 



අදහස් (0)

මාතර නිමි ඇඳුම් අලෙවි සලකට වෙඩි ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 96 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 936 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site