(චන්දන ප්‍රනාන්දු)
යාපනයේ සිට කොළඹ දක්වා මාළු තොගයක් ප්‍රවාහන කරමින් තිබු ලොරියක් වෙන්නප්පුව පොලිස් බල ප‍්‍රදේශයේ නයිනමඩමේදි අද (05) මාර්ගය හරහා පෙරැළී සිදු අනතුරකින් එහි රියදුරු සහ රිය සහායකයා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.
මාර්ගය හරහා එක්වරම යතුරුපැදියක් දැමීමෙන් එය බේරිමට ගොස් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව ලොරි රථයේ රියදුරා පැවසු බව පොලීසිය සඳහන් කළේය.
අනතුරත් සමඟ ලොරි රථයේ තිබු මාළු එළියට විසි වි තිබු අතර ලොරි රථයට හානිවීම නිසා වෙනත් ලොරියකට මාළු තොග පටවා යැවිමට පියවර ගත් බවද පොලීසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd