IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අ‘පුර ආදාහනා ගාරයේ යාන්ත්‍රික දෝෂයක්:කොරෝනා සිරුරු ගොඩ ගැසේ

(අතුල බණ්ඩාර)

අනුරාධපුර මහනගර සභාව යටතේ පාලනය වන නගරයේ "නිසල නිම්නය" පොදු සුසාන භුමියේ ආදාහනාගාරය ඉකුත් සිකුරාදා (03) හදිසියේ අක්‍රිය වීම නිසා කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම ප්‍රමාද වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ නිසා රෝහලේ මෘතශරීරාගාරයේ තබා තිබෙන කොරෝනා මළසිරුරු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙන බවයි.

අනුරාධපුර මහා නගර සභාවේ ආදාහනාගාරයේ දෛනිකව ආදාහනය කෙරෙන කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළයාම නිසා , අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පණ්ඩුලගම ආදාහනාගාරයද කොරෝනා මරණ ආදාහනය කිරීම සදහා මෑතක සිට යොදාගැනේ.

නමුත් එහි දිනකට ආදාහනය කළ හැකි දේහයන් සංඛ්‍යාව හයකට සීමාවීම නිසා,එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් මියගිය පසු ඔවුන්ගේ දේහයන් ආදාහනය කිරීමට ප්‍රමුඛතාව ලබාදීමට සිදුවී තිබීම හේතුවෙන් බොහෝවිට කොරෝනා මරණ තුනක් හෝ හතරකට වඩා ආදාහනය කිරීමට නොහැකිවී ඇතැයි මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් පැවසිය.

පණ්ඩුලගම ආදාහනාගාරයේ පැවැත්ම උදෙසා ලැබී තිබෙන උපදෙස් අනුව එක් දේහයක් ආදාහනය කර පය තුනක් ගතවෙන තුරු තවත් දේහයක් ආදාහනය නොකරණ බව කි එම ප්‍රකාශකයා,ඒ අනුව දිනකට දේහයන් හයකට වඩා ආදාහනය නොකරණ බව සඳහන් කළේය.

 



අදහස් (0)

අ‘පුර ආදාහනා ගාරයේ යාන්ත්‍රික දෝෂයක්:කොරෝනා සිරුරු ගොඩ ගැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site