IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සුවහසක් රෝගීන් සුවපත් කළ ජාතික රෝහලේ ජීවකයා

සුවහසක් රෝගී ජනතාවට ඉමහත් සේවයක් ඉටු කළ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක අමල් ගුණරත්න මහතා පසුගිය 17 වැනි දා චාවකච්චේරියේ සිදුවූ හදිසි අනතුරින් අභාවප‍්‍රාප්ත විය.

ස්නායු රෝග පිළිබඳව හසල දැනුමක් ඇති ඔහු සුව කළ රෝගීන් දහස් ගණනකි.ඔහුගේ අවසන් කටයුතු අද (19) බණ්ඩාරගම,හල්තොට පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ.

1963 දී උපන් ගුණරත්න මහතා හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 1988 වසරේ භෞතචිකිත්සක පාඨමාලාවට එක්විය. 1991 දී පළමු පත්වීම ලෙස මාතලේ මහ රෝහලට පත්වීම් ලබන ඔහු මාතලේ මහ රෝහලේ වසර ගණනාවක් මහඟු සේවයක් ඉටු කළේය. පසුව ජාතික රෝහලට ස්ථාන මාරු ලබා ආ ගුණරත්න මහතා මිය යන තුරු ඉතා ගුණාත්මක සේවයක් ඉටු කළ භෞතචිකිත්සකවරයකු ලෙස හැඳින්විය හැක.

 ස්නායු රෝග පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු ඉතා දක්‍ෂ ගුරුවරයෙක්ද විය. භෞත චිකිත්සාව හදාරන සිසුන් අතර ජනපි‍්‍රය කථිකාචාර්යවරයකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.

එපමණක් නොව රජයේ භෞතචිකිත්සක සංගමයේ ලේකම් ලෙසද කටයුතු කළ ගුණරත්න මහතා මිය යන තුරු තනිකඩ ජීවිතයක් ගත කළේය. තම සම්පුර්ණ කාලය රෝගී ජනතාව වෙනුවෙන් කැප කළ ඔහු අප අතරින් සමුගත්තේ එම හිඩැස පිරවීමට තවත් කෙනෙකු නැති බවද පසක් කරමිනි.

“2014 පී.ටී. රීමික්ස්“ සම්මාන උළෙලේ වසරේ හොඳම භෞත චිකිත්සකයෙකු ලෙසද අමල් ගුණරත්න මහතා නිර්දේශ විය.

1988 දී භෞතචිකිත්සාව හැදෑරීමට අප කණ්ඩායමට එක්වුණු ඔහු යහළුවෙකි ගුරුවරයෙකි එමෙන්ම සහෝදරයෙකි.

සහෘදයාණෙනි,ඔබ ඉතිරි කළ හිඩැස පිරවීමට කිසිවකුත් සමත් නොවන බවට අවිශ්වාසයක් නැත. සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි පතමු. ඔබට නිවන් සුව.

ජාලිය උඩුවැල්ල

වරලත් භෞතචිකිත්සක සංගමයේ සභාපති

Amal-Gunaratne-1

 

 



අදහස් (0)

සුවහසක් රෝගීන් සුවපත් කළ ජාතික රෝහලේ ජීවකයා

ලක්ෂ්මන් ප්‍රනාන්දු Wednesday, 21 December 2016 06:21 AM

ඔබට නිවන් සුව ! (බ)

:       0       0

ගාමිණි Wednesday, 21 December 2016 05:02 PM

මෙවන් මිනිසුන් රටකට වැඩි වැඩියෙන් අවැසි කලෙක මඟමරුවන්ට බිලිවෙන ජාතියක් ලෙස අපි නොබෝ දිනකින්ම ඉතිහාසයට එක්වනු ඇත. ඔබ කළ සේවයට ආචාර කර නිවන් සුව පතමු. (නි)

:       0       0

ලීනා Tuesday, 20 December 2016 09:15 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1014 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site