IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සංවිධානාත්මක අපරාධකරුගේ මුදල් අයකැමි අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමට අදාළව මුදල් ගිණුම් ගත කරන පුද්ගලයෙකු හංවැල්ල හරස්පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර  පළාත්  දකුණු අපරාධ කොට්ඨාසය කියයි .

සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටියකට ආසන්න මුදල් සංසරණය වී තිබූ  බැංකු පොත් දෙකක් ඒ ටි එම් කාඩ්පත් තුනක් ,හා ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  කළුතර එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක සිටිය දී ඝාතනයට ලක් වූ සමයං නමැත්තා ගෙන්  අනතුරුව  ඔහුගේ මත්ද්‍රව්‍ය  ව්‍යාපාරය සහ කප්පම් ගැනීම් වල  නිරත ව සිටින සංවිධානාත්මක අපරාධ  කරුවෙකුට මෙම මුදල්  අයත් බවට අනාවරණ වූ බව පොලිසිය කියයි .

එම ගිණුම්වලට බැර වෙන මුදල් අන්තර්ජාලය ඔස්සේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරු විසින්  ලබා ගන්නා බවත් වැඩිදුරටත්  අනාවරණය කළ බව පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් සැප්තැම්බර් විසි වෙනි දින හංවැල්ල පොලිස් වසමේ නිවසකට යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා බියගැන්වීම අපරාධ යට සම්බන්ධ සැකකරුවන් විසින් අපරාධය  සඳහා පැමිණි යතුරුපැදිය අලුත්වැඩියා කර ලබාදුන් සැකකරුද බවත් පොලිසිය කියයි සැකකරු විසිපස් හැවිරිදි අයෙකි .

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,නියෝජ්‍ය පොලිස්පති ( අපරාධ ) අම්පාගල මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර  පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ,පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර පොලිස් සැරයන්වරුන් වන (21284) බණ්ඩාර (40248) ප්‍රසන්න (61108) දයාරත්න (72338) ලලන්ත (76687) අමිල (84762) කුමාර )(81600) සමීර මහත්තුරු පරීක්ෂණ පවත්වයි 

 



අදහස් (0)

සංවිධානාත්මක අපරාධකරුගේ මුදල් අයකැමි අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site