
(ඩයනා උදයංගනී)
ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින් වෙනුවෙන් නිල රාජකාරී හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
නුදුරේදීම හඳුන්වාදීමට නියමිත මෙම නිල වෘත්තීය හැඳුනුම්පත ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය, ගුරු උපදේශක සේවය යන සේවාවන්හි නිරත සියලු නිලධාරීන් වෙත ද ලබා දෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
මෙම වෘත්තීය හැඳුනුම්පත නවීන තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය වන අතර එමඟින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිරතවන සියලු වෘත්තිකයන්ට විශේෂ සහන සේවා රැසක් ලබා දීමට ද සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා කීවේය.
විවිධ නොසලකා හැරීම් හා වෘත්තීය දුෂ්කරතා මධ්‍යයේ ශ්‍රී ලාංකේය අනාගතය වන ලක්ෂ 45කට අධික සිසු දූ පුතුන් නැණ, ගුණ බෙලෙන් බලගැන්වීම උදෙසාතම වෘත්තීය දිවියම කැප කරන අධ්‍යාපන වෘත්තිකයින්ට වෘත්තීමය අනන්‍යතාවක් ලබාදීම ජාතික යුතුකමක් හා වගකීමක් බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීකයින් බහුතරයකට හිමි නිල රාජකාරී හැඳුනුම්පත සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිය බුද්ධිමය දායකත්වය නොමසුරුව ලබාදෙන ගෞරවනීය වෘත්තීකයින් වෙත මෙතෙක් කල් හිමි නොවීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍යවරුන්, නීතීඥවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් ඇතුළු අනෙකුත් වෘත්තීකයින්ට මෙන්ම මෙරට ගුරුභවතුන් ඇතුළු සමස්ත අධ්‍යාපන වෘත්තීකයින් වෙත ද ඔවුන්ගේ වෘත්තීය දායකත්වයට නිල වටිනාකමක් එක්කර දීම යුගයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමති අලහප්පෙරුම මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2062
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සියලු වෘත්තිකයින්ට නිල රාජකාරී හැඳුනුම්පතක්