(ඩයනා උදයංගනී)
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, අසාත් සාලි යන ආණ්ඩුකාරවරුන් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ කිසියම් අයෙක් අන්තවාදී ක‍්‍රියාවල නිරත වන්නේ නම් ජනාධිපතිවරයා වහාම ඔවුන් සම්බන්ධ ක‍්‍රියාමාර්ගයක් ගනු ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
සැකයක් ඇති වූ පමණින් ඔවුන් වැරදිකරුවන් කළ නොහැකි බව කී දුමින්ද දිසානායක මහතා එම පුද්ගලයින් අන්තවාදී ක‍්‍රියාවල නිරතව ඇති බව ඔප්පු වුවහොත් අනිවාර්යයෙන් ඔවුන්ට එරෙහි ක‍්‍රියාමාර්ග ගත යුතු බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අන්තවාදයට දැඩි ලෙස විරුද්ධ බව කී ජාතික සංවිධායකවරයා කිසිම අවස්ථාවක අන්තවාදීන් ආරක්‍ෂා කිරීමට තම පක්‍ෂය සූදානම් නැතැයි ද කීවේය.
දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd