IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘විධායකය දුර්වල කිරීමේ ප්‍රතිඵල පේන්නේ දැනුයි’

 

(ඩයනා උදයංගනී)

 

ශ්‍රී ලංකාවට ශක්තිමත් විධායක ජනාධිපතිධූරයක් අවශ්‍ය බව පසුගියදා ඇතිවූ සිද්ධීන්ගෙන් පසු යළිත් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය හරහා විධායක ජනාධිපතිධූරය බාල්දුවීමේ ප‍්‍රතිළුලය ලෙස වරදක් කරන නිලධාරියකු හෝ ධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයාට නොහැකි වී ඇති බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දිගින් දිගටම විධායක ජනාධිපතිධූරය වෙනස් නොකළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටියේ ඒ නිසා බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශක්තිමත් ජනාධිපතිවරයෙක් සිටියේ නම් හමුදාපතිවරයෙක් හෝ පොලිස්පතිවරයා නොසැළකිලිමත්ව කටයුතු කරන අවස්ථාවක ඉවත් කරදැමීමේ හැකියාව තිබෙන බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

වර්තමානයේ පවතින තත්ත්වය අනුව එවැනි අය ධූරයෙන් ඉවත් කිරීම සඳහා කොමිෂන් සභා හා පාර්ලිමේන්තුව හරහා ගොස් වන්දනා කර එනවිට නඬේ ගිහින් අවසන් වන බව ද මන්ත‍්‍රීවරයා පැවසීය.

දැන් එවැනි තනතුරු දරණ අය කුමන ආකාරයක වරදක් කළත් මේ ධූරවලට පත්වන අය ඉවත් කිරීමේ ඉක්මන් ක‍්‍රමයක් නැතැයි ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

අවශ්‍ය අවස්ථාවලදී හෝ පියවර ගතහැකි පසුබිමක් ඇතිකිරීමකින් තොරව රාජ්‍ය නොවන සංවිධානවලට අවශ්‍ය පරිදි 19 වැනි සංශෝධනය ගෙනඒම නිසා මෙවන් තත්ත්වයක් ඇති වූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (1)

‘විධායකය දුර්වල කිරීමේ ප්‍රතිඵල පේන්නේ දැනුයි’

thilakasiri Thursday, 30 May 2019 05:05 AM

රටේ නීති හදන්නේ පාර්ලිමෙන්තුවෙනුයි. පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ රටේ හැමතැනම ඉන්න ජනතාවගේ කැමැත්තට අනුව පත්වූ විවිධ දේශපාලන විඥාන ඇති පක්ෂ වලින් බිහිවූන නියෝජිතයින්. රටේ යම් නීතියක් හදන විට ඒ දේශපාලන විඥාන අතර මත්ගටුමකින් ඇතිවන සම්ප්‍රුක්තය වීම තමයි වියයුත්තේ හදිසි අවස්ථාවකදී හා යුධමය අවස්ථාවකදී පමණයි විධායක ජනපති කෙනෙකු අවශ්‍ය වෙන්නේ. එ සඳහාද ජනපතිව පාලනය වන බුද්ධි මණ්ඩලයක් පාර්ලිමෙංතුවේ අනුමැතිය ඇතුව තිබිය යුතුයි. නැත්නම් ජනාධිපති කෙනෙකුට තනි තීරණ ගන්න දුන්නම සිදුවන දේ විධායක බලය දුර්වල කර තිබියදීත් වත්මන් ජනපති විසින් හිටි විධායක බලය තිබු ජනපතිවරු කල ආකාරයට කරන්න යාම නිසා සිදුවූ තත්වයට, ජනපති තනතුරට පත්වන පුද්ගලයා පත්වෙන බව පැහැදිලියි. විධායක ජනාදිපති කමට පත්වන්න තරම් සුදුසු පුද්ගලයෝ මිනිසුන් අතර බිහිවෙන්න නම් ආත්මාර්ථ කාමයෙන් තොර විය යුතුය. එවැන්නෙකු මනුෂත්වය ඉක්මවූ රහතන් වහන්සේ කෙනෙකුම විය යුතුමය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site