(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් යැයි මෙරට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂාහිඞ් අහමඞ් හෂ්මාත් අද (5) පස්වරුවේ පැවැසීය.
ශ්‍රී ලංකාව පාකිස්තානයට තවත් එක් පාර්ශ්වකරුවකු නොවන බවත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සබඳතාව මිතුදහමකට එහාගිය සහෝදර බැඳීමක් තිබෙන බවත් ඔහු කීවේය.
පාකිස්තාන ආරක්ෂක දිනය වෙනුවෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා මේ බව කීවේය.
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් බවත් හෙතෙම කීවේය.
මේ අතර ඉන්දු කාශ්මීර අර්බුදය ගැන සඳහන් කරමින් කාශ්මීර අර්බුදය ජාත්‍යන්තරව හඳුනාගත් ගැටුමක් යැයි ද ඊට විසඳුම් සෙවිය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත වූ නිර්දේශ සහ කාශ්මීර ජනතාවගේ කැමැත්තට යැයි ද මහ කොමසාරිස්වරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd