(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් යැයි මෙරට පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය ෂාහිඞ් අහමඞ් හෂ්මාත් අද (5) පස්වරුවේ පැවැසීය.
ශ්‍රී ලංකාව පාකිස්තානයට තවත් එක් පාර්ශ්වකරුවකු නොවන බවත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සබඳතාව මිතුදහමකට එහාගිය සහෝදර බැඳීමක් තිබෙන බවත් ඔහු කීවේය.
පාකිස්තාන ආරක්ෂක දිනය වෙනුවෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති උත්සවයේ දී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා මේ බව කීවේය.
ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පාකිස්තානය සූදානම් බවත් හෙතෙම කීවේය.
මේ අතර ඉන්දු කාශ්මීර අර්බුදය ගැන සඳහන් කරමින් කාශ්මීර අර්බුදය ජාත්‍යන්තරව හඳුනාගත් ගැටුමක් යැයි ද ඊට විසඳුම් සෙවිය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත වූ නිර්දේශ සහ කාශ්මීර ජනතාවගේ කැමැත්තට යැයි ද මහ කොමසාරිස්වරයා පැවැසීය.

2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘‘ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ඕනෑම දෙයක් කරන්න සූදානම්‘‘