( අංජුල මහික වීරරත්න )
ත්‍රස්තවාදය සේම මළ මිනී මතින් ගොඩ නගන්නට හදන දේශපාලනයද පරාජය කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වී හත් දවසේ දානය දෙන්නටත් පෙර ජනාධිපතිවරණයට එන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයෙන්ම ඔවුන්ගේ දේශපාලනය කුමක්දැයි තේරුම් ගැනීමට හැකි බවත් කී අමාත්‍යවරයා අන්තවාදී ත්‍රස්තවාදය හිඟන්නාගේ තුවාලය නොකර නිදහස් රටක් සැක බිය නැති වාතාවරණයක් නිර්මාණය කරන බවද කීය.
කොළඹ අරලියගහ මැඳුරේදී පැවැති මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ සභාපති මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතාද සහභාගී විය.

(ලහිරු හර්ෂණ -ඡායාරූපය)
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත්‍රස්තවාදය මෙන්ම මළ මිනී මතින් නැගෙන දේශපාලනයත් තුරන් කළ යුතුයි
thilakasiri Thursday, 30 May 2019 07:44 AM
21 දා පාස්කු ඉරිදා සිද්වු ව්‍යසනයට පාදක වූ හේතු සෙවීම,එවැනි සිදුවීමක් නැවත නොසිදුවීමට ගතයුතු පිවරයන් විමසා බැලීම හා ඒ පියවරයන් ගැනීම, ජනපති, අගමැති, පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුදෙනා, උසාවි පොලිසි හමුදා වල ක්‍රියාකාරීන්, රජයේ ආයතන සහ රටේ සියලු ජනකොටස් යනාදියෙහි වගකීමකි. රටරවටමින්, හොද මුහුණ පෙන්වමින් ආත්මාර්ථකාමී යටි අරමුණු මුදුන්පමුනුවාගනීමට ඉහත සදහන් වගකිවයුතු පිරිස රුකඩමෙන් නටවමින් සමහරුන් මෙවැනි ව්‍යසනයන් තම වාසියට හරවා ගැනීමට දරණ ප්‍රයත්නය හා මෙවැනි ව්‍යසනයන් ඇතිකිරීමට දරණ ප්‍රයත්නයද නිසා සියල්ල අවුල් ජාලයක් බවට පත්වීමට පෙර නිසි කාලය තුලදී කළයුත්ත කළයුතුමය. නමුත් යමක් වීමට පෙර එය වලක්වාගැනීමට නොහැකි අවස්ථා මතුවන බවට හොද උදාහරණයක් ලෙස ඇමරිකා පෙන්ටගනයට වූ ප්‍රහාරය දැක්විය හැකිය. එසේ වුයේ ඒරටතුල සිදුවීම විමසන බියුරෝ එක හා මුළු ලෝකය තුලම සිදුවීම් විමසන CIA නම් වූ ලොව කිසිවකට නොදෙවෙනි වූ බුද්ධි අංශ දෙකක් ක්‍රියාත්මක වෙත්දීය. 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වෙන පැත්තකට යොමු කිරීමට මුස්ලිම් සංහාරයක් කරන්ට දැරූ ප්‍රයත්නයත් අද කරගන යන දේසපාලන වාසි අරබයා කරන සෙල්ලමත් පිළිකුල් කලයුතුය.