(විනීතා එම් ගමගේ)
පළාත් මට්ටමින් ජනතාව තෝරාගත් නියෝජිතයින් වෙනුවට ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පත් කළ ආණ්ඩුකාරවරුන් යොදවා පළාත් සභා පවත්වාගෙන යාම අනුමතකළ නොහැකි යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
පළාත් සභා මැතිවරණ නිසි කළට නොපැවැත්වීමෙන් මේ වනවිට පළාත්වල පරිපාලන ගැටළු රැසක් ඇතිවී ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.
ඌව හැරුණු විට අනෙක් සියලු පළාත් මේ වනවිට නිල කාලය අවසන් කර ඇති අතර එම පළාත් සභා මේ වනවිට පාලනය කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් විසින් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පැවැසීය.
රජය විවිධ හේතු දක්වමින් පළාත් සභා මැතිවරණය නොපවත්වා ආණ්ඩුකාරවරුන් යටතේ දිගටම එම පළාත් පාලනය කිරීම මඟින් ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංඝණය වන බව ද ඒ පළාත් සඳහා සීමානිර්ණ කිරීම් අවසන් නොමැති නම් පැරණි ක‍්‍රමයට හෝ මැතිරවණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
දිගින් දිගටම මැතිවරණ නොපැවැත්වීමෙන් පාලන ක‍්‍රමය පිළිබඳ ජනතා විශ්වාසය පළුදු වී යන බවත් ඒ ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳවැටීමේ අනිසි ප‍්‍රතිවිපාක අත්විඳීමට සිදුවනු ඇති බවත් මනාස් මහතා තවදුරටත් කියාසිටියේය.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තනිපුද්ගල කැමැත්තට පත්කළ අය පළාත් පාලනය කිරිම අනුමත කරන්න බෑ