(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණය ජයගැනීම සඳහා අලුත් අදහස් වලට ඉඩදෙමින් අලුත් මාවතක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය ගමන් කර යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මේ නව පෙළගැස්මට ඉඩ දිය යුතු බවත් සඳහන් කළ තිස්ස අත්තනායක මහතා නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ පවතින අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගත යුතු බවත් සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණය දේශපාලන පක්ෂවලට වඩා පුද්ගලයා ඉලක්ක කරමින් සිදුකෙරෙන බැවින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කළ පසු තමන් තීන්දුවක් ගන්නා බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
ඔයා රාජපක්ෂගේ පැත්තේ නේද? අයියෝ සල්ලි...
ජනාධිපති අපේක්ෂකයා ගැන අර්බුදේ පක්ෂය ඇතුලෙන් විසඳන්න බැරි නිසා වහවහාම සියලු පක්ෂ නායකයින්ට සමාන අයිතිවාසිකම් එන සන්ධානයක් ගහන්න යන්නේ... එතකොට පක්ෂයේ කැමැත්ත මොකක් වුණත් ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ සන්ධානයේ යාලු නායකයින්ගේ කැමැත්තට අනුවනේ...
අවුරුදු එකොළහක් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරය දරමින් නායකයාට කඩේ ගිහින් පක්ෂය විනාශ කරලා, දැන් එක්සත් ජාතික පක්ෂය ගැන අමුතු කැක්කුමක් ඇවිත් තියන්නේ. දේශපාලනය කරන්න නැතුව ඉන්නම බැහැ. ඕකේ රස දන්නවනේ... පක්ෂයට ද්‍රෝහීකම් කරලා, කොහොම හරි දියණියට කෙන්බෙරාවේ අපේ මහ කොමසාරිස් කාර්යාලයේ තනතුරත් ලැබුණා...
මේ මහත්තයා තවම දේශපාලනය කරනවද හැබෑට..? මෙයා කියන දේවල් ගණන් ගන්න මිනිස්සු ඇති කියලා අපි නම් හිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස රජ කරවන්න දඟලන මාධ්‍යවලට නම් මෙයාගේ ප්‍රකාශ නැතුවම බැරුවා වගෙයි.
අවාසනාව සහ මෝඩකම එකට පිහිටපු අයත් ඉන්නවනේ..