(ඩයනා උදයංගනී)
එළඹෙන 2020 වසර මැතිවරණ වර්ෂයක් බැවින් 2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් වීම වැදගත් නිසා ජනතාව ඒ ගැන සැලකිලිමත් විය යුතු බව කැෆේ සංවිධානය පවසයි.
එම නාම ලේඛනයේ දළ කෙටුම්පත මේ වනවිට සියලුම ග‍්‍රාම නිලධාරි කාර්යාල වල සහ රජයේ කාර්යාලවල තබා ඇති බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඞ් මනාස් මකීන් මහතා පැවසීය.
එය පරීක්ෂා කර බලා තමන්ගේ නම එහි සඳහන් වේ දැයි තහවුරු කර ගැනීමෙන් 2020 වසරේ එළඹෙන මැතිවරණ සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබා ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
එලෙස නම සඳහන් නොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමටත්, තම ප‍්‍රදේශයේ පදිංචි නැති අයෙකුගේ නම ඊට ඇතුළත්ව තිබේ නම් ඒ පිළිබඳ විරෝධතා ගොනු කිරීමටත් සැප්තැම්බර් 19 වන දින දක්වා අවස්ථාව හිමිවන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
රජය සහ මැති ඇමතිවරුන් විසින් වරින් වර 2019 මැතිවරණ වසර ලෙස නම් කර තිබුනද පවතින තත්වය අනුව ජනාධිපතිවරණය හැරුණුකොට වෙනත් මැතිවරණයක් මෙම වසරේදී අපේක්ෂා කළ නොහැකි බවත්, ජනාධිපතිවරණට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි නම් 2020 වසර තුළදී පළාත් සභා මැතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට සිදුවන බවත් මකීන් මහතා කීවේය.
ඒ හේතුවෙන් නියම මැතිවරණ වසර වන්නේ 2020 වසර බවද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ වලදී සිය ඡන්ද අයිතිය සුරක්ෂිත කර ගැනීම පුරවැසි යුතුකමක් බව පෙන්වා දුන් වැඩබලන විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් දැයි කල් ඇතිව දැන ගැනීම මඟින් ඡන්දය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන දුෂ්කරතා මඟහරවා ගත හැකි බවයි.
COMMENTS
මගේ ඡන්දය තිබේද?
මගේ තැපැල් ඡන්දය තිබේද ?
ඡන්දය තිබේදැයි බැලිම
මගෙ නම හා බිරිද ඡන්ද නාමලේඛ්ණය ඇතුළත් ද බලා ගැනිමට ඕන.
මගේ නම කොහේද?
2019 අනු අංකය ලබාගැනීම...!
2019 ඡන්ද නාම ලේඛනයේ අනු අංකය වුවමනා කර ඇත...
අංක 432.ගල්වල හරස්පාර පොතානේගම අනුරාධපුර
2019 වර්ෂයෙ ජන්දය
දරුවා පාසලකට ඇතුලත් කිරීමට...
දරුවා පාසලට දැමිමට
පාසල් දැමිම සදහා
දරුවා පාසල් දැමීමට
2019-2023 ඡන්ද නාම ලේඛනය
දරුවන් පාසල් දැමීම සඳහා
චන්ද හිමි නාම ලේඛනයේ විස්තර
හොදයි
2019 චන්ද නාමලේඛනයේ නම ඇතුලත්ව අත්දැයි බැලීමට හා අනුක්‍රමික අංකය දැනගැනීමට අවශ්‍යයි...