(නිමල කොඩිතුවක්කු)
දෙමළ ජාතික සන්ධානයට හෝ වෙනත් දේශපාලන කණ්ඩායමකට ලබාදීමට කිසිදු පොරොන්දු පත‍්‍රයක් එක්සත් ජාතික පක්ෂය සතුව නොමැති බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹදී අද (07) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයත් සමඟ කටයුතු කිරීමට යම්කිසි අවස්ථාවක දෙමළ පක්ෂ එකඟවුවහොත් එය මේ රටේ පුරවැසියන් ලබාගන්නා ජාතික ජයග‍්‍රහණයක් බවත් අබේවර්ධන මහතා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයට විවිධ පොරොන්දු වෙලා තියෙනවා කියලා දැන් චෝදනාවක් තියෙනවා. අපිට දෙන්න කිසිදු පොරොන්දු පත‍්‍රයක් නැහැ.
අපි සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික කියන මේ රටේ ජිවත්වෙන සෑම පුරවැසියෙකුටම නායකත්වය දෙන දේශපාලන පක්ෂයක්. අපේ පක්ෂයේ නමත් එක්සත් ජාතික පක්ෂයයි. අපේ පක්ෂයේ ඉතිහාසය ගත්තම 1977 දී දේවනායගම් මහතා ස්වදේශ කටයුතු ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ වාඩිවුනාට පස්සේ උතුරු නැගෙනහිර දෙමළ අය අපේ කැබිනට් මණ්ඩලයේ හිටියේ නැහැ.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය නිසා අපේ රටේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආණ්ඩුවේ නියෝජනය වුණේ නැහැ. යම්කිසි අවස්ථාවක දෙමළ පක්ෂ කියනවනම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරනවා කියලා ඒක අපි ලබා ගන්න ජාතික ජයග‍්‍රහණයක් වෙනවා. එහෙම නැත්නම් ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයත් එක්ක වැඩකරන්න ඕන කියලද අපේ රටේ පුරවැසියන් සිතිය යුත්තේ කියලා අපි ඒ අයගෙන් අහනවා.
මේ ගැන කවුරුත් බුරන්න අවශ්‍ය නැහැ. දෙමළ ජාතික සන්ධානය අපිත් එක්ක එකතු වුනත් අපිට තුනෙන් දෙකක් පාර්ලිමේන්තුවේ නැහැ. මේ අය කියන විදියට රටට අහිතකර දෙයක් ඉදිරිපත් වෙනවනම් පොහොට්ටුවටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි පුළුවන් පාර්ලිමේන්තුවේ ඡන්දය නොදි ඉන්න.
ඒ නිසා උතුරු නැගෙනහිර දේශපාලන විසඳුමක් ලබාදීමට අපි කටයුතු කරනවනම් අපිට චෝදනා කරන්නේ නැතුව ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඡන්දය නොදි ඉන්න. අපිට මේ බොරු චෝදනා කරන පිරිස් අපි ගැන ද්වේෂයෙන්, වෛරයෙන් ,ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ කියන එක පැහැදිලියි.
වෛරයෙන් යම් දේශපාලන අරමුණක් කරා කවුරු හරි ගමන් කළොත් ඒ අය ජිවිත වලින් තමයි වන්දි ගෙවන්නේ. ඒ ගැන අපිට ඉතිහිසයේ ආදර්ශයක් තියෙනවා.‘‘ යැයි ඒ මහතා පැවැසීය.
2025 නොවැම්බර් මස 04
243
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘කිසිදු දේශපාලන කණ්ඩායමකට දෙන්න පොරොන්දු පත‍්‍රයක් එජාපයේ නෑ‘‘