IMG-LOGO

‘ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියට කාර්යාලයෙන් ඉවත් කිරීමට සිදු වේවි‘

(විනීතා එම් ගමගේ)
               
ස්වීස් තානාපති කාර්යාලයේ සිද්ධියට අදාල නිලධාරිනියට එම තානාපති කාර්යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නට පවා සිදුවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

 එසේ ඉවත් වන්නැයි දන්වන්නට පෙර ස්වකැමැත්තෙන් ඉවත් වන්නේ නම් එය වඩාත් අගනේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

 ඇය පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගොතන ලද්දක් බව මේ වනවිට හෙළි වී අවසන් බවත් එම සිද්ධියෙන් ලෝකය ඉදිරියේ රට අපකීර්තියට පත්කිරීමට ඇය උත්සාහ දරා ඇතැයි පෙනෙන බවත් අබේවර්ධන මහතා පැවසීය.
 
 රටේ ප‍්‍රබෝධයක් පවතින අවස්ථාවේ මෙවැනි උත්සාහයන් තුළින් රටේ ප‍්‍රතිරූපයට හානි සිදුවන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
 
 රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 එහි දී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා සුදු වෑන් සිද්ධිය ගැන කරුණු හෙළිවෙමින් පවතින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන් ඒ සදහා රුපියල් ලක්ෂ විස්සක් ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාගෙන් ලබාගෙන ඇති බව ඔවුන් පවසා ඇතැයි ද කීය.
 
රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය හමුවට වාඩිවූ දෙදෙනා දේශපාලන උවමනාවක් වෙනුවෙන් ක‍්‍රියා කර ඇති බවත් කණගාටුවට කරුණ මොවුන් මේ මාධ්‍ය හමුවට වාඩි කරවූයේ කවුද යන්න යැයි ද පැවැසීය.
 
 මෙසේ මාධ්‍යයට ගෙනැවිත් වාඩිකරන ලද පුද්ගලයා 2012 අප්‍රේල්  මාසයේ දි කොටහේනේ පෞද්ගලික බැංකුවක මුදල් රැගෙන යද්දී කොල්ලකෑම, බෙල්ලන්විල පන්සලට ඇතුල් වී මිනිස් ඝාතනයක් සිදු කිරීම, 2013 අපේ‍්‍රල් 5 වැනිදා තවත් පුද්ගලික බැංකුවකින් මුදල් ගෙන යද්දී පිහියකින් ඇන රුපියල් දශලක්ෂ පහලොස් දහසක් කොල්ලකෑම, 2013 දී ජාඇල ඇඟලූම් කම්හල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ 75 ක් කොල්ලකෑම, පිටකොටුවේ ස්වර්ණාභරණ අලෙවිහලකින් කෝටි තුනහමාරක් වටිනා විදේශ මුදල් කොල්ලකෑම, ගල්කිස්ස ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කරුවකු පැහැරගෙන ගොස් ඝාතනය කර ආරක්ෂක අංශ කළේ යැයි පෙන්වීමට උත්සාහ කිරීම, යන අපරාධවලට චෝදනා ලබා සිටින අයෙක් බව ද හෙතෙම කියා සිටියේය.
 
ජාත්‍යන්තරව අපකීර්තියට පත්කිරීමට උත්සාහ කිරීමේ මෙවැනි සිද්ධි තවත් ඉදිරියට ඇති වනු ඇති බවත් මේ නිසා ඉතාමත් ප‍්‍රවේශමෙන් මේ පිළිබදව සොයාබලන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
 
මේ වනවිට රට අලූත් මාවතකට පිවිසෙමින් සිටින බවත් රට ලස්සනට තබා ගැනීමට අවශ්‍ය බව කිසිවෙක් තරුණ පරපුරට කියා නොව ඔවුන්ගේ අදහස් අනුව රට ලස්සන කරමින් සිටින බව ද රටට විනයක් ඇතිවෙමින් පවතින බව ද පැවසූ අබේවර්ධන මහතා මේ ප‍්‍රබෝධය රට ගැන සංස්කෘතිය ගැන හැඟීමක් ඇති වෙමින් පවතින නිසා බව ද කීය.
 
 
මෙවැනි පරිසරයක් යටතේ සිදුකෙරෙන රංගන සිතා මතා කරන ලද ඒවා බව ඉතාමත් ඉක්මණින් හෙළි කළ හැකි වන බව ද ඔහු කියා සිටියේය.
 
 සියලූ උපාධිධාරින්ට රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය අදහෙටම ඇරඹෙන බවත් පක්ෂ පාට හෝ වෙනත් භේද නොසලකා සියලූ උපාධිධාරින්ට ඔවුන් උපාධිය ලබාගත් වර්ෂය අනුව අනුපිළිවෙලට රැකියා ලබා දීම අනිවාර්යයෙන් සිදුකෙරෙන බවත් මේ වනවිට උපාධිධාරින් 54000 කට රැකියා ලබා දිය යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
 
රජයේ ප‍්‍රතිපත්තිය වටහාගන්නැයි උපාධිධාරින්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා ඉකුත්  රජය කැමති කැමති අයට රැකියා දී ඇති කරගත් අවුල පවත්වාගෙන නොයන බවත් පාක්ෂිකත්වය අනුව නොව උපාධිය ලැබූ වර්ෂය අනුව රැකියාව ලැබෙන බව විශ්වාස කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
 
මේ සදහා විවිධ ස්ථාන වල ලියාපදිංචි වීමට කාලය නාස්ති නොකරන්නැයි ද කිසිවෙකු පසුපස නොයන්නැයි ද ඉල්ලා සිටි අබේවර්ධන මහතා රස්තියාදු නොවි සිට බදවාගැනීමේ ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කළ පසු ඒ සදහා ඉදිරිපත් වන්නැයි උපාධිධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.
 
 සුළු සේවකයින් බදවා ගැනීම ජනවාරි 15 සිට සිදුකරන බවත් ඒ සදහා ජනාධිපතිවරයා කී පරිදි දිළිදුපවුල්වලින් සුළු සුදුසුකම් මත රැකියා ලබා දෙන බවත් පැවසූ ඒ මහතා මුදල් ඉපැයීම සදහා විවිධ අයගේනම් භාවිතා කරන අයට නොරැවටෙන්නැයි ද ජනතාවගෙන් ඉල්ලාසිටියේය.
 
 
සෑම වසමකටම රුපියල් ලක්ෂ පණහක ව්‍යාපෘතියක් ලබාදිමේ වැඩපිළිවෙල යටතේ පළමු ලක්ෂ විස්ස නිකුත් කරන ලද බවත් එය කවර ව්‍යාපෘතියකට ද යන්න තීරණය වන්නේ ගමේ මහජන නියෝජිතයා ප‍්‍රමුඛ සමෘද්ධි නිලධාරි, ග‍්‍රාම සේවා නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි යන නිලධාරින්ගෙන් යුත් කමිටුවක් මගින් යැයි ද අබේවර්ධන මහතා පැවසීය.
 
 මීට පෙර සිදුවූයේ ගමේ මූලික අවශ්‍යතා ඉටුවීම නොව මහජන නියෝජිතයාට අවශ්‍යදේ පමණක් බවත් ඉදිරියේ දී තනිමතයට සංවර්ධන ව්‍යාපෘති සිදුනොවන බවත් අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
 
 මාධ්‍යවේදීන් වෙනුවෙන් රජය ගෙන ඉදිරියේ දී ගන්නා  පියවර ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා ඔවුනගේ නිපුණත්වය වැඩි කිරීම සදහා රජය මැදිහත්ව ජාතික පුහුණු ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කීය.
 
 එමෙන්ම  නාගරික නිවාස සංකීර්ණයක් ද සහන ණය ක‍්‍රමයක් ද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ අබේවර්ධන මහතා අර්ධකාලිනව සේවා සපයන මාධ්‍යවේදීන්ට තම කටයුතු සදහා එකතු විය හැකි මධ්‍යස්ථානයක් ලෙස ජනමාධ්‍ය ස්ථාගාර ප‍්‍රාදේශිය මට්ටමින් පිහිටුවා දිස්ත‍්‍රික් මධ්‍යස්ථානවලින් ඒවා සම්බන්ධ කරන බව ද පැවැසීය.
 
පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයා ගේ රියැදුරුගේ බිරිද, මව හා දරුවා බලෙන් කොළඹට ගෙන ආ බවට නැගෙන චෝදනාව ගැන මාධ්‍යවේදියකු  නැගූ  ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා කියා සිටියේ ඔවුන් ප‍්‍රකාශයක්  ලබා දීම සඳහා පැමිණ ඇති නමුත් කිසිවෙකු පැහැරගෙන යාමක් හෝ බලෙන් ගෙන ඒමක් සිදුව නැති බවය. ඕනෑම තැනක දී කටඋත්තරයක් දීමට ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා කීය.
 
 
 
 
 



අදහස් (0)

‘ස්වීස් තානාපති කාර්යාල නිලධාරිනියට කාර්යාලයෙන් ඉවත් කිරීමට සිදු වේවි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 446 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 886 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site