IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විමලවීර රනිල් දිනනවාට කැමතියි

(වසන්ත චන්ද්‍රපාල)

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරිමට නොහැකි බව ද මන්ත්‍රිවරයා සදහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය භාර අරගෙන තමන්ගේම ආර්ථික දර්ශනයක් අනුව මේ රටට ඉදිරියට රැගෙන ගියා.

හරි හෝ වැරැදි හෝ දැනට රට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන මත මේ කෝච්චිය දුවන්නේ මේ පීල්ලේ මේ පීල්ල මාරු කළොත් කෝච්චිය පෙරලෙනවා.

සජිත් ඇවිල්ල මාරු කළත් එහෙමයි අනුර ඇවිත් මාරු කළත් එහෙමයි.

මේ රට බිහිසුණු තැනකට වැටෙනවාට මම පුද්ගලිකව කැමැති නැහැ. ඒක නිසා මම කැමැතියි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට.පොහොට්ටුවට දිනන්න බැරි නිසා .

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයන් සමග අම්පාරේ පැවැති රුස්වීමකදීය.

 



අදහස් (7)

විමලවීර රනිල් දිනනවාට කැමතියි

karu Saturday, 10 August 2024 10:58 PM

කටේ දත් කෝ ?

:       5       13

Nimal 1 Saturday, 10 August 2024 11:37 PM

ඔබ පවසන දේවල් කවුද ගණන් ගන්නේ .ඔබත් දැන් අවලංගු කාසියක්

:       5       16

C.K.Lankaputhra Sunday, 11 August 2024 05:31 AM

මුං වගේ උන් ඉන්න රටක ජීවත් වෙනවට වැඩිය හොදයි කෝච්චිචියට බෙල්ල තියන එක. වාසියට වැදි බන දෙසන අවස්තාවාදි නරුම හැත්ත.

:       6       16

Nishan Sunday, 11 August 2024 05:34 AM

විමලවීර විතරක් නෙවෙයි රටම කැමතියි රනිල්ව දිනවන්න මොකද හැමෝම දැක්කා හැමෝගෙම කෙරුවාව. රනිල් නොහිටින්න අද ලංකාවක් ඉතුරු වෙන්නේ නෑ. එහෙනම් අද මේක බංගලාදේශෙටත් අන්ත තත්වෙක තියෙන්නේ.

:       17       14

DHARMATILEKE Sunday, 11 August 2024 08:01 AM

බළලුන් ලවා කොස් ඇට බාගන්නවා .ඕක තමයි පොහොට්ටු ප්‍රතිපත්තිය

:       5       14

Kazi Shajahan Sunday, 11 August 2024 01:50 PM

රාජපක්ෂ ලවා කාගෙන, වැඳගෙන හිටපු බුලත් හපයා... චුයින්ගම් කන රනිල් ගාවට යයි කියලා හිතුවද?

:       3       16

හෙට්ටිආරච්චි Monday, 12 August 2024 01:55 PM

ඔබතුමාට කව්රු මොනවා කීවත් ඔබතුමාගේ ගුණ දන්නෝ දනිති. තමන්ගේ පුද්ගලික මුදල් අසරණයන් වෙනුවෙන් වැය කරනවා. අසරණ දරුවන් කීදෙනෙක් ඔබතුමාගේ උපකාරයෙන් අධ්‍යපනය ලබනවාද? වැඩිහිටියන්ට කරන උපකාර කියලා නිම කරන්න බෑ. ආඩම්බර කමක් නැති නිහතමානී ඔබතුමාට දුප්පත්, පොහොසත් බේදයක් නැතිව හැම කෙනාම එකවගේ ඇසුරු කරනවා. කව්රු වුණත් උපකාරයක් ඉල්ලුවොත් පාට, පක්ෂ නොබලා උපකාරකරන උඹතුමාට දීර්ඝායුෂ ලැබේවා, සුබ අනාගතයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site