
(දයාරත්න ඇඹෝගම)
රජයට ලැබිය යුතු හිග බදු මුදල් සියල්ල ජතික ජන බලවේගය රජයක් යටතේ අයකර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදි පැවසිය.
අනුරාධපුර “ගොල්ඩන් මැංගෝ මැංගෝ” හෝටලයේ පැවති වෘත්තියන්ගේ හා ව්‍යපාරිකයන්ගේ හමුවකදි අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසිය.
“මේවන විට රජය විසින් අයකර නොගත් රැපියල් බිලියන 1,100 ක හිග බදු මුදලක් තිබෙනවා.එකෙන් රැපියල් මිලියන 169 ක් නඩු නැතිව මේ වේලාවෙත් අයකර ගන්න පුලුවන්.මේ රටේ අරක්කු නිෂ්පාදනාගාර අයතන තුනකින් රැපියල් කෝටී 700 කට ආසන්න මුදලක් රජයට අය වෙන්න තිබෙනවා
.ඒ කියන්නේ වැට් බදු මුදල්.ඒ මුදල මේ සමාගම් විසින් මේවන විටත් පාරිභෝගිකයන් ගෙක අයකර ගෙන තියෙන්නේ.ඒ වුනාට අරක්කු සමාගම් රජයට ඒ බදු මුදල් නොගෙවා පැහැර හරිමින් සිටිනවා.මේ මුදල් මහ භාණ්ඩගරයට අයත් මුදල්.ඒවා අද වෙන ගෙවල් වලට යනව.ඒ හැම ශතයක්ම ජතික ජන බලවේගය රජයක් මගින් අයකර ගැනිමට කටයුතු කරනවා”.
“අපේ රට ආර්ථිකමය වශයෙන් මේවන විට විශාල වශයෙන් බිද වැටි තිබෙනවා.නීතියේ අධිපත්‍ය කඩා වැටි තිබෙනවා.අපේ රටේ රාජ්‍ය සේවය කඩා වැටි තිබෙනවා.අධ්‍යපනය,සෙෘඛ්‍ය,ප්‍රවාහනය කඩා වැටි තිබෙනවා.ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරයේ ඉදිරි පැවැත්ම ගැන සැකයක් මතුව තිබෙනවා.සෑම අතින්ම අපේ රට කඩා වැටි තිබෙනවා.”
“කඩා වැටුණ රට ඉදිරියට ගෙන යාමේ වගකිම අපි සැප්තැම්බර් මස 21 බාරගන්නවා.මේ දේශපාලන වෙනස සදහා අපි දශක ගානක් අධ්‍යනය කරන්න ඔනේ නැහැ.මේ සති දෙක තුන තුන ලංකාවේ දේශපාලනය දිහා බලපුවාම තේරේනවා මේ තත්වය වෙනස් කරන්න ඔනේ කියලා.2019 දි සජීත් ප්‍රේමදාස නිවාස අධිකාරිය විනාශ කළා
.මුදල් විනාශ කළා.දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව තේරුම් ගන්න ඔනේ.සමහර මන්ත්‍රිවරැ ආර්ථික වාසි බලාගෙන පැති මාරැ කරනවා.
රට ගැන හිතලා ජනතාව ගැන හිතලා පැති මාරු කරනවා නෙමේ.තමන්ගේ පැවැත්ම,ඇමතිකම්,බාර් ලයිෂන්,පෙට්ට්‍රර්ල් ෂෙඩ්,ඉඩම් ගැන හිතලා පැති මාරැ කරනවා.මේ ගැන හිතලා මේ දේශපාලන පරිවර්තනයකට ජාතික ජනබල වේගය සුදානම්.ජාතික ජන බලවේගය ලෝකයත් සමග රට ආර්ථික සංවර්ධනයක් කරා රැගෙන යනවා.”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අනිත් පැත්තෙන්ද කතා කරන්නේ. මේ අයට රටක් තියා පෙට්ටි කඩයක්වත් පාලනය කරන්න බැහැ.
එයාලා එක සැරේ ගෙවන්න සල්ලි නෑ එහෙම ගෙවන්න උනොත් එයාලගේ ව්‍යාපාර වහන්න වෙනවා, වැහුවොත් මෙච්චර ගානකට අච්චර ගානකට රස්සා නැති වෙනවා කියලා උසාවි ගියොත් මොකද කරන්නේ? අනුර ඔයා දන්නේ නෑ දැනටත් ඒක සිද්ද වෙලා. ආණ්ඩුවට නඩු අහලා ඉවර වෙලා උසාවි නියෝග එනකන් ඉන්න වෙලා.
මේ කියන එකට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැ නේද?
ඔබතුමාලා රජයක් හැදුවොත් විතරයි ඵක හොරෙක් හරි අල්ලන්නේ. ඒකට ඉතින් මිනිස්සු මොලේ පාවිච්චි කරලා ඡන්දේ දෙන්න ඕනෑ මාලිමාවට. එච්චරයි....!
තෑගි ලෙස ලබා ගන්නා දේ ද, වත්කම් ලෙස සලකා පළමුව සියලු දේශපාලකයින්ගේ බදු අය කර ගත යුතුයි. සොරකම්, කප්පම් පමණක් නොව, ශිල්පයක් නොකර, උපතින්ද දේපලක් නැතිව ධනය උපයා ඇත්නම් සොයා බැලිය යුතුයි..!
ඒ බලයට පත් වුනොත් නේ. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ. මෙයාලා මේ කියන විදිහට ජ.වි.පෙ. කරපු ඔක්කෝම හරි. අනිත් ඔක්කෝම වැරැදියි. විහිළු කරන්න එපා මෙයා...!
ජාතික ජනබල වේගයට ජයවේවා..!!!... මාලිමාවට ඡන්ද කෝටියක් ...
ඔය අනුර බබෙක් වගේ... ඔය කියන විදිහට ඔයාට ඔහොම කම්පැණිවලින් සල්ලි ගේන්න පුළුවන් නම් කොහේද? ඔවුන් කම්පැනි වහලා දාලා යයි.. ඊට පස්සේ ඒ වගේ වැඩකරන මිනිස්සුන්ට කවුද පඩි දෙන්නේ? ඔයාලත් නිකන් අනිත් අය වගේම ජනප්‍රිය දේශපාලනය තමයි.
නිශාන්, ජොනියා ඇලෝසියස්ලා ගැන මොකද කැක්කුමක්?
මෙයාගේ කතා අහලා මිනිස්සු නිකන් මොලේ කචල් කර ගන්නවා. වම් කකුල තිබ්බොත් පොළඟා ගහයි කියනවා. දකුණු කකුල තිබ්බොත් නයා ගහයි කියනවා.. කුඹුරට ගියොත් අලියා ගහයි කියනවා. කැලේට ගියොත් කොටියා කයි කියනවා. මෙයා යාළුවන්ගෙන් කාලා බීලා රටට සත 5ක් ටැක්ස් නොගෙවා, වෙන රෙද්දවල් කියමින් ඔහේ කාලෙ කනවා...
හිඟබදු මුදල් අයකර ගත්තා කියලා ඒ මුදල් රටේ සංවර්ධනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ... අමතරව ආදායම් ඉපැයීම සඳහා විධිවිධාන යොදන්න ඕනෑ ඒවා ගැන කිසිවක් කියන්නේ නැහැ ඒක බොහෝවිට නිෂාන් කියපු ආකාරයෙන්ම වෙන්න පුළුවන්... රටට ආදායම් උපයන ක්‍රමයක් කියන්නේත් නැහැ. ඔවැනි බේගල් කොණ්ඩය බැඳපු චීන්නු හා .... මහ බැද්දේ අය අකුරු කරන්නට නුවරට ගිය මං ගීතයේ නුවර කියන්නේ නගරය නොවෙයි, මහනුවර කියන අය විශ්වාස කළත් අබමල් රේණුවක මොළයක් තියෙන කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ... දෙවනුව අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා කඩාවැටීම ගැන කියන්නේ පසුගිය කාලයේම එම අංශය කඩාකප්පල් කිරීමට අනුගාමිකයින් මෙහෙයවීම කරපු කෙනෙක් වීම කොතරම් විහිළුවක්ද? ඔය අතරේ සමහර ජ්‍යෝතිෂවේදීන් කියන්නේ බුධ අධිත්‍ය යෝගයක් නිසා අනුර සහෝදරයා මහත්තයා ජනාධිපති වෙනවා කියලා... ඒ සමග කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨක තත්වය වඩාත්ම තියෙන කෙනෙක් ජනාධිපති වෙනවා කියලා එහෙම නම් ඉතින් දැනට සිටින ජනාධිපතිතුමා නැවතත් ජනාධිපති වෙනවා කියලා හිතෙනවා..
මොවුන් එදා ඉඳලා අද වෙනකම් කලේ කටින් බතල හිටවපු එකනේ..!