
(අංජුල මහික වීරරත්න)
නව පරපුරේ කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් එම අදහස් රාජ්‍ය පාලනයට භාවිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමිනි.
දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රටේ හෙට දවස බාර වන්නේ අද දවසේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා Gen Z පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදි වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බව කීය. ඩිජිටල් අළෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීම Freelancing, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් තරුණයන්ට අවශ්‍ය පසුබිම සකසා දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.
එසේම දේශපාලන ක්ෂේත්‍රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
තමාට අවශ්‍ය Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්‍යයේ අපේක්ෂා “පුළුවන් ශ්‍රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙන බවද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් අලුත් අලුත් දේවල්, අදහස් පහළ වෙනවා වැඩියි. ඡන්දේ කිට්ටු වෙනකොට ඔහොම තමයි...!
ඊට වැඩිය හොඳ නැද්ද ඔබතුමා තරුණයින්ට රට බාරදීලා ... විවේක ගත්තා නම්...!
ඡන්දෙ කාලෙට මතක් වෙන ඒවා මාරයි.. අද ඊයේ දේශපාලනයට ආපු කෙනෙක් වගේ...!
අන්න අර passport ටික දීලා ඉන්න සීයේ...
දැන්නම් ඉතින් සීයට වයසට ගිහින් නිසා තරුණයෝ තරුණයින් ඔය වැඩේට හවුල් වෙයි. ඉස්සර නම් කොල්ලෝ පැත්ත පළාතේ එන්නේ නැහැ හොඳ ප්‍රසිද්ධ පොරක් නිසා. හැබැයි ඒ වුණත් මේ තරුණ කොල්ලන්ගේ දෙමව්පියෝ ඒ කාලේ තරුණයෝනේ... ඒ ගොල්ලෝ කොල්ලෝ එවන්න කැමැති වෙයිද?
අගමැති වෙලා උන්නු කාලේ ඔව්වා මොලේට ආවේ නැතෙයි?
අනේ මේ තරුණ දරුවෝ. හරියට කෑමක් බීමක් නැහැ... අතේ සතේ නැහැ අද මේ විදියට පාරට වැටුනේ මේ හොරු නිසා නේද කියලා හිතන්න මොලයක් නැත්ද? මවු කිරිද බිව්වේ රබර් කිරිද? මේ විදියට ඇදෙන්නේ... මේ තරුණයින්ව අනුරට බාරදීලා. බ්‍රේන් වොශ් කරලා. කොන්ද පණ ඇති. නායකයින් කරන්න ඕනෑ. හරි ලැජ්ජයි මේ ලෝක හොරුන්ව නැවත පත් කරලා කඳුළු ගෑස් ගහ ගන්න වෙන්න ඇති. මේදා සැරේ ගෑස් සිලින්ඩරයෙන්ම පිච්චලා දායි.
නාකි සෙට් එකක් වටකරගෙන අරගලයට කෙලින්න ප්ලෑන් ගහපු මිනිහා දැන් තරුණයින්ගෙන් අදහස් ගන්න කතා කරනවා. දුවන්න පාර හොයා ගන්න බැරිවෙලා වගෙයි...
ඡන්දෙ කාලෙට තරුණයින්ටම රට බාරදෙන්න කතාව, ඡන්දෙ දින්නාට පස්සේ කරන්නේ තරුණයින්ට පොලිසියෙන් දාලා එළව එළවා ගහන එක...
මෙතැන ඉන්න තරුණ අයගේ විකාර දැක්කාම තරුණයෙක් කියන්නත් ලැජ්ජයි. ගෝල්ෆේස් එකේ හිටපු තරුණයන්ට එළව එළවා ගැහුවේ අදහස් ගන්න වෙන්න ඇති නේද? වටේ ඉඳගෙන සෙල්ෆි ගන්න අයට මොලේ ටිකක් තිබුණා නම් හොඳයි මේවා ගැන හිතන්න...