(ශාන්ත සෙනවිරත්න)
මේ ආණ්ඩුව වැඩිකල් යන එකක් නොවේ.ඉදිරි මැතිවරණයේදී විශිෂ්ට ජයක් අරන් අලුත් ආණ්ඩුවක් අපි හදනවා.ඒ ගැන විශ්වාසය තබාගෙන ඉන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා එසේ කීය.
එහිදී මහලේකම්වරයා මෙසේද කීය.
‘‘රජයේ ක්‍රියාකලාපය ගැන බොහෝ දෙනා කලකිරිලා.තුනෙන් දෙකක් නැතිව බෑ.තියෙන ආණ්ඩුව ඉඩම් විකුණනවා.අතෙන් වියදම් කරනවා , පත්කිරීම් කරනවා.ඒවට තුනෙන් දෙක අවශ්‍ය නෑ.අපි දින 100 කින් කළ වැඩ මේ ආණ්ඩුව කරලා නෑ.අපි කළ සංවර්ධන වැඩ එයාලා විවෘත කරනවා.නමුත් අපි ඊට විරුද්ධව පෝස්ටර් ගැහුවේ නෑ.විරෝධතා කළේ නෑ.
අපි ආණ්ඩුව ගන්න විට තිබූ තත්ත්වය කවුරුත් දන්නවා ණයත් ගෙවාගෙන රයේ ප්‍රශ්නත් විසදුවා . බඩුමිල පාලනය කළා.ඉන්ධන මිල අඩුකළා රැකියා දුන්නා.නොයෙකුත් සහන දුන්නා.අද ඒවා නැවතිලා.පේට්‍රල් ලීටරය 90 ට දෙනවා කිව්වා.කෝ දුන්නද?2015 ආණ්ඩුව කරන්න බැරි නිසයි අපිට දුන්නේ.නොයෙකුත් බාධා මැදි අපි අණ්ඩුව පවත්වාගෙන ගියා.
ආණ්ඩුවට එළවලු මිලත් පාලනය කර ගන්න බැරිවෙලා.සමහරු එදා කිව්වා දැන් සැපද කියලා.අපි එහෙම කියන්න ගත්තේ නෑ.මේ ආණ්ඩුවට වැඩිදුර යන්න බෑ.ඒ බව මේ ගෙවුණු මාස කිහිපය තුළ තේරුනා.
මේ ආණ්ඩුව ජාත්‍යන්තර සබඳතා පවා පලුදු කරගෙන තිබෙනවා.තානාපතිවරු අමනාප කරගෙන.මෙහෙම රටකට යන්න බෑ.ණය ගෙවන්න මුදල් හොයන හැටි අපි දන්නවා කිව්ව අය ඉන්දියාවට ගිහින් සහන ඉල්ලනවා මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ.
අපේ සන්ධානයේ ලකුණ මොකක්ද කියලා ඉදිරි දින කිහිපයේ කියනවා.එය සුළු ප්‍රශ්නයක්.සියලු දෙනා එකමුතු ශක්තිමත් සංවිධානයන් හරහා ජනතාව ඉදිරියට එනවා.ලකුණ එතරම් ප්‍රශ්නයක් නෑ.ආණ්ඩුවේ ණය සීමාව ඉහළ දමාගන්න පාර්ලිමේන්තුවේ අවරණය ඉල්ලුවා අපි ජනතාවට ප්‍රතිලාභ අත්වෙන සංවර්ධන වැඩ වලට සහය දෙනවා.ඒ යෝජනාව අතුලේ තව ඒවත් තිබුණා.‘‘යැයි ඒ මහතා පැවසීය
(ශාන්ත සෙනවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමැතිවරණ ගැන කතා කරන්න ඉස්සෙල්ලා පක්ෂේ සමගිය ඇතිකරගන්න මහත්තයෝ.
ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණයට රට වෙනුවෙන් සේවයකළ, එක්සත් ජාතික පක්ෂය රැකගත් පිරිස අතරින් හර්ෂ අබේවර්දන, නන්දලාල් ප්‍රනාන්දු, කිර්ති අබේවික්‍රම, ලයනල් ජයතිලක මෙරිල් කාරියවසම් වැනි පක්ෂය වෙනුවෙන් ජිවිත පුජාකළ දේශපාලකයන්ගේ පවුල්වල දෙවන හෝ තෙවන පරම්පරාව දේශපාලනයට පැමිණීමට හෝ ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය (ඔවුන්ගේ කැමැත්ත පරිදි ) කටයුතු කළයුතුවේ. මා පාසල් සිසුවකු අවදියේ ඔවුන් ජේ.ආර් ජයවර්ධන රජයේ ප්‍රබලයන් විය. නායකයා වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවාදී නොවූ නියම එජාපයේ අයයි. කොළඹ නගරාධිපතිනියගේ පුත්‍රයාට වඩා උගත්, නිතිය පිළිබද දැනුමක් ඇති අවංක යමක් විශ්ලේෂණය කළහැකි තරුණයන් හට මෙවර අවස්ථාව ලබා දිය යුතු වේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියේදී පත්වන අනාගත නායකයාට පහසුවෙන් වැඩ කළ හැකි අවංක පිරිසක් මෙවර ඉදිරියට ගත යුතුවේ. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පොරකන පිරිසගේ හැසිරීම් රටාව සහ ක්‍රියා කලාපය නිසා ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට කිසිසේත්ම නුසුදුසු බව ඔවුන් විසින්ම රටට සහ පර්ක්ෂිකයන්ට පෙන්වා තිබේ.
මේ වගේ ගොනෙක්.....
ඇමතිකම නැතිවුන එක ගැන දුකෙන් වගේ. අපිනම් කලකිරිලා ඉන්නෙ ඔයාලා ගැන මිසක් මේ ආණ්ඩුව ගැන නෙමේ ඔයාලට දේශපාලනේ හරියන්නේ නැහැ. වෙන දෙයක් බලාගන්න දින 100 න් රට වනසපු ඔයාලා ගැන ජනතාව බලාගනී.
පිස්සුද ?
මෙයා විකාර දොඩවනවා. මේවගේ ගොන්වස්සෝ ටිකක් හිටියම දෙවියන්ගේම පිහිට තමා.
හීනෙන් දොඩවන්න එපා... ඔයගොල්ලන්ට ඇඩ්‍රස් නැතිවෙනවා.
2019 නොවැම්බර් වලටකලින් සජිත්ගේ මීටින් වලට ආපු සෙනග දැක්කම මටත් එහෙම හිතුනා. ඒ එක්කම මතක්උනා අපි පොන්චිකාලේ අහපු සටන් පාඨයක්. " අපි අලියට, අලියා අපිට. වැඩ කුලියට. චන්දෙ අතට. දැන් නම් චන්දෙ පොහොට්ටුවට. හලෝ කාරියවසම් උන්නැහේ මෙසරේ රනිල්ගේ චන්දෙත් පොහොට්ටුවට. මෙන්න කැට.
මහ බැංකුව දෙවරක් කොල්ල කාලා අපි වසර 20 හිඟමනට දැම්ම ගමේ අපිත් දන්නවා උන දේ කෙසේ වෙතත් මෙම මැතිවරණයේ සිංහල ජනතාව අනෙකුත් ජාතීන්ට පරදින බවක් පෙනෙනවා බෙදීම තුළ මද්‍යස පාසල් අරාබි සංස්කෘතික නගර බිහිවෙනවා සංහිඳියාව කෙසේවෙතත් එය සිදු වෙනවා.
දවල් හීන වෙන්න ඇති. විපක්ෂයවත් ශක්තිමත් කරන්න බලන්න.
සිහින දෙව්දුවේ... ඔබට තුන්ලොවේ... එකම නමයි පවතින්නේ, ඒ නම පරාජේ...
‘‘මහමැතිවරණයේදී විශිෂ්ඨ ජයක් අරන් අලුත් ආණ්ඩුවක් හදනවා‘‘ මම හිතන්නේ 31 වෙනි වතාවට වෙන්න ඇති...
පාක්ෂිකයාගේ හදගැස්ම හදුනා ගැනිමට තවමත් හැකියාවක් නොමැති නායකයින්ට ජන්දයකදි බලය ලබා ගත හැකි වෙයිද ?