
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට මහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද(17) අභියෝගයක් කළේය.
රට සහ ජනතාව අමාරුවේ වැටී සිටි මොහොතේ අභියෝගය බාර නොගෙන පලා ගියේ මන්දැයි යන ප්‍රශ්නයට සජිත් සහ අනුර පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට අසමත් නම් තම වේදිකාවට පැමිණ මගේ දෙපසින් දෙපසින් වාඩි වී සිටින්නැයි ඔවුන්ට පවසන බව ද බවද සඳහන් කළේය.
ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය.
අද කටින් වැඩ පෙන්වන නායකයන්ට එදා ජනතාවගේ දුක තේරුනා නම් ආණ්ඩු බලය ගෙන ඒ ප්‍රශ්න විසඳන්න තිබූ බව කී ජනාධිපතිවරයා තිබෙන ආණ්ඩුව ඉවත් වුනොත් එය බාරගන්නට විපක්ෂ නායකට මෙන්ම විපක්ෂයේ සෙසු නායකයන්ට යුතුකමක් තිබෙන බව සඳහන් කළේය.
රට ආර්ථික අතින් අන්තයටම අද වැටුණු මොහොතේ සජිත් අනුර ඇතුළු විපක්ෂයේ සෙසු නායකයන් සිටියේ කොහේද යන ප්‍රශ්නයට වහා පිළිතුරු දිය යුතුව ඇතැයි කී ජනාධිපතිවරයා ඊට පිළිතුරු දෙන්නට බැරි නම් ඔවුන්ට මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජනපතිවරණ මංගල ජනරැළිය අමතමිනි.
අනුරාධපුරයට ඇදහැලුණු මහ වැසි නොතකමින් ජනතාව සංගාදු පිටියට ඒකරාශී වී සිටිනු දැක ගත හැකි විය.
හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා එක්වීම විශේෂත්වයක් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මෙම ජනරැළියට සහභාගී වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ජය.
රට නෙමෙයි ගොඩ දැම්මේ හිරේ හිටපු හොරු රැළ
දුන්නා විසඳුම... පැට්‍රල් ගහන්න බෑ... සල්ලි නෑ. ගෑස් එක දෙගුණයක් වැඩියි. ලයිට් බිල දකිද්දී ඔබව මරන් කන්න හිතිලා තියෙන්නේ. එන්න නම් එපා ඡන්දෙ ඉල්ලන්න.
ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් විදින තැනට රට පත් කරපු නාමල් ඇතුළු රාජපක්ෂ කල්ලිය ගැන කතා කරන්න හොයා බලන්න ඕනේ නැද්ද? ඔයා ගිහිල්ලා නාමල්ගේ රැස්වීමේ නාමල් ගාවින් වාඩි වෙන්න. ජනාධිපති වෙලත් රාජපක්ෂලාට කඩේ යන අපූරුව. ලැජ්ජයි ... ආවා මෙතැන සජිත්-අනුර හැංගුණු තැන හොයන්න.
මේකට කවුරු හරි කියලා දියන්කෝ.... සජිත් හැංගුනාට අනුර හැංගුනේ නෑ. ගෝඨාභය පැන ගිය පසු පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපති තෝරන ඡන්දයට අනුර ඉදිරිපත් වුණා. හොරු 134ක් ඔවුන්ගේ ආරක්ෂව සඳහා නාකි සීයාව තෝරාගත්තා. අවුරුදු 2කට පෙර සිදුවීමක් මතක නැති නාකි සීයලාව. ගෙදර යැවීම මිනිස්සුන්ට බාරයි..
මිනිස්සු ඉබේ අමාරුවේ වැටුනේ නැහැ. පුළුවන්නම් ඉස්සෙල්ලාම මිනිස්සු අමාරුවේ දාපු අයගේ නම් ටික කියලා ඉන්න...
අනුර සහ සජිත් විවෘතව අරගලයට සහාය දුන්නා. පිං ජනාධිපතිකම බාරගත්තා ඇරෙන්න ඔහේ කරපු එක දෙයක් කියන්න බලන්න. බැරි නම් කලිසම ගලවලා ඔලුවේ බැඳගන්න.
මේ බොරුව සමාජගත කිරීම වහාම නවත්වන්න. අනුර ට අගමැතිකම බාරගන්න කියලා ගෝටා ඉල්ලීමක් කරේ නෑ. සජිත්ගෙන් ඉල්ලුවා කියලා විතරයි ගෝඨාභය කියන්නේ.
සිලින්ඩර් සීයා බොරු කියන්නේ අනුරට අඬගැහැව්වේ නැහැ කියලා ගෝඨාභයගේ පොතේ තියෙනවා....
දූෂිත පවුල් පාලනේ අයට විස්වාසවන්තම කෙනා රනිල් නිසා ගෝඨාභයගේ ධුර කාලය පුරවන්න රනිල්ට බාර දුන්නා. ඇත්ත ඒකයි. රනිල් කොහොමටත් දිව දෙකේ කතා කියන කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
හොරු රැල එකට එකතු වෙමින් පවතී...!
ඔබත්, ඔබ නම් සඳහන් කළ බියගුල්ලන් දෙපළත් එදා රට වැටුණු තත්වයට වගකිව යුතුයි. එදා ඔබ ගෝඨාභය මහතාට බාර දුන්නේ බංකොළොත් රටක්. ඩොලර් සංචිත සීඝ්‍රයෙන් හිඳෙමින් පැවතුණු රටක්. ඒ පිටට ආ කොරෝනා සන්නිපාතයට මුහුණ දෙන්නට වුනේ යටින් හිලක් තිබූ (උමා ඔයේ මෙන් නොවේ) භාණ්ඩාගාරයක් සහිතවයි. අරගල විහිළුවේද පළමු කුඩාරම ගැසුවේ ඔබ පක්ෂයෙන් බව වජිර අබේ මහතා කීවා. සජිත් සහ අනුර යනු ඔබගේම ගෝලයින්. ඔවුන් බියසුලු, ප්‍රශ්නයක් ආ විට පසුපසට දුවන පුස්සන් බවත් ඔබ තරම් හොඳින් දන්නා වෙනත් කෙනෙක් නැහැ. එම නිසා ඔවුන් හැඟුනේ කොතැනද යන වගත් දන්නේ ඔබ මිස අප නොවේ..!
ඉන්ධන, ගෑස්, විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද (17) අභියෝගයක් කළේය. ඉන්ධන, ගෑස්, විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වනවිට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා කීය. "ඉතිං ඔය ප්‍රශ්න ඇතිවුනේ අපේ වැරැදි හින්දාද?
ඔවුන් හැංගුනේ ඔක්කොම හොරු කියන සරල වාක්‍ය අස්සේ. මොවුන් දෙන්නා දන්න ආර්ථික විද්‍යාවක් නෑ. ඔවුන් දෙන්නාගේ මහා ආර්ථික විද්‍යා උපදේශකවරු වෙන මහාචාර්ය හර්ශ කියන එකයි, ඊලෝන් මස්ක් කියන්නේ ආර්ථික ඝාතකයෙක් කියපු එකයි, මොවුන්ට කියලා තියෙනවා මේ වෙලාවේ නම් මේක ගන්න එපා, ගත්තොත් කරගන්න බැරුව චොර වෙන්න වෙනවා කියලා. ඒ පාර ඔවුන් කිව්වා මේ හොරුත් එක්ක මේක කරන්න බෑ කියලා. ඒ නිසා රනිල් ගත්තා, ඔය ඒ හොරු කියන අය එක්කම කරලා පෙන්නුවේ. මොවුන් බලයට ආවොත් බඩුම තමයි. සජියයි අනුරයි ඔවුන්ගේ ගෝලයෝ රොත්තයි ආවොත් මහදැනමුත්තා 3 බලාගන්න පුළුවන්... !
ඊට කලින් වට්ටපු එවුංගෙ නම් ටික වත් කියල හිටියනං...! උංට කරන දේත් කිව්වොත් හොදා...!
ඔබතුමාට ජය...!
සජිත් නම් ගෙදර ඇඳ යට හැංගිලා ඉන්න ඇති. අනුර නම් ඇමරිකන් තානාපති කාර්යාලයේ හැංගිලා ඉන්න ඇති...
රටක් අමාරු තත්වෙකට වැටුණාම, මොන යම් හේතුවක් උඩ, සමහර විට වසංගත තත්වයක් වෙන්න පුළුවන්, යුද තත්වයක් වෙන්න පුළුවන්, ලෝක ආර්ථික ප්‍රවණතාවක් නිසා වෙන්න පුළුවන් ඉදිරියට ඇවිත් ඒ අභියෝගයට මුහුණ දීලා රටේ ජනතාව බේරගන්න එඩිතර කමක් විතරක් නෙවෙයි... දක්ෂ කමක් වගේම ලොකු පිනක්. ඒ දේ කරන්න හැමෝටම බෑ. උඩ කයිවාරු ගහපු ජෙප්පෝ හැමදාම කලේ හැංගිලා ඉඳන් ගල් ගහන එක. ඒ අතින් ඔබ සිංහයෙක් ජනාධිපතිතුමනි....!
රට වැට්ටුවේ තමාගේ පන්තියේම ඉන්න අනිත් හොරු රැළ... තමන්ලා අනිත් අයට කතා කළේ කොන්දේසි දාගෙන... ඒ මිනිස්සුන්වත් මේ ඉලව්වට පටලවන් ... දැන් නිකන් රට බේරාගන්න බොරු ලේබල් ගහගන්න එපා. තමා දැන් බලයේ ඉන්නේ අවුරුදු 40ක විතර ඉඳන් මේ මැරෙන්න වලපයයි, ගොඩපයයි තියාගෙන දැන්ද රට හදන්න මතක් වෙලා තියෙන්නේ?
සිලින්ඩර් පප්පා නමින් දේශපාලන වේදිකාවේ සිටින්නේ පරණ හම්පඩ හොරු රැළේ නායකයා බව ඔබ දන්නෙහිද? සිලින්ඩර් පප්පා ගොඩ දැම්මේ හොරු ටික මිසක් රට නොවන බව ණය ගෙවන්න වූ විට වැටහේවි
එක්කෙනෙක් සූරියකන්දේ, තව කෙනෙක් මහ බැංකුවේ හැංගුණා