
(අංජුල මහික වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
“එක්ව ජයගමු - අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි. රට පෙරට - පක්ෂ දේශපාලනය පසුවට තබා මෙම වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස විපක්ෂයට ද ආරාධනා කළ ජනාධිපතිවරයා සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනඟන්නේ කෙසේද යන පාඩම එවිට තමන්ගෙන් ඉගෙන ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බවද කියා සිටියේය.



COMMENTS
මාර ගවසම්පතක්නේ මාතර ඉන්නේ. කොහෙන් හරි ගෙනත් බාලාද මේ...?
පහුගිය ටිකේ ඉස්සරහට ආවා නම් ඒ රනිල්ගේ බඩ විතරයි...
එතුමා නිතරම කියනවා රට ගොඩගන්නවා කියලා.. බැඳුම්කර මගඩිය මෙන්ම දේශීය වෙළෙන්ඳාගේ මුදල මෙන් දෙගුණයක් මිල දී ගත් සුළං විදුලි කොන්ත්‍රාත්තුව අදානිට දීමට ඔහු උත්සාහ කළේය. එහෙම දෙයක් කරලා කොහොමද රටක් ගොඩගන්නේ? ඔහු රට බර කර ඔහුගේ වංචාකාරයින් පොහොසත් වනු ඇත. ඔහු එම මුදල් අයකර ගැනීම සඳහා සාමාන්‍ය පුරවැසියෙකුගේ බදු වැඩිකරයි...
ඔහු සති 2කට පෙර බැඳුම්කර මගඩියට සමානව ආදානි සමාගමට සුළං විදුලිය කොන්ත්‍රාත්තුවක් දී හොඳ ආදර්ශයක් දුන්නේය. ඔහු තම ආධාරකරුවන් ධනවත් කර ශ්‍රී ලංකාවේ මිනිසුන් තවත් බදු වලින් දුප්පත් කරනු ඇත.
දේශපාලකයෝ මංකොල්ල කාපු සල්ලි අයකර ගත්තොත් අවුරුදු 1කින් රට ගොඩගන්න පුළුවන් නමුත් මහ බැංකුවටත් ඒ දේම කරපු නිසා එහෙම කරන්නේ නැහැ... මංකොල්ලකාරයෙක් කොහොමද රටක් දියුණු කරන්නේ? දුප්පත් මිනිස්සුන්ට බදු වැඩි කරාද?
පේන විදියට නම් රටටයි රටේ මිනිස්සුන්ටයි කරන්න පුළුවන් සේරම අසමජ්ජාති වැඩ කරපු සෙට් එකක්නේ ඉස්සරහ පුටු පේලියේ පත බෑවිලා ඉන්නේ. මේ අය එක්ක යනවා කියන්නේ ඉතින් කෙලින්ම අපායට තමයි මකබැවිලා යන්නේ.
කොහෙන් ආවාද දන්නේ නැ
හොරු සමග හෙළුවෙන් දැන් පෙනවනවා , සාදර අනුග්‍රහය සිරිකොත
දකුණ _ ගාව සහ හොරු සම්පත
මේ කොමෙන්ටු ටික දැක්කම තේරුම් යන්නේ ජෙප්පෝ ටික සෑහෙන්න බයවෙලා වගෙයි . ඔහොම යං ඔහොම යං . කුහක සෙට් එක මෙදාපාරත් හොම්බෙන් ඇන ගන්න තෙක් . ජෙප්පෝ කියන විදියට මෙතන ඉන්නේ සල්ලි වලට ආපු සෙනග නම් ජෙප්පන්ගේ රැස්වීම් වලත් ඉන්නේ ඒ වගේ අයම තමයි.
රටම හොරාකාලා විනාශ කරන්ඩ දායකත්වය සැපයූ දූෂිත දේසපාලුවෝ ඔක්කොම එකතුවෙලා ජනතාව අන්දවන්ඩ හැදුවාට වැඩක් වෙන එකක් නැහැ .
පට්ට හොරු මකබෑවෙන දවස ළඟයි
සේරටම ඉස්සෙල්ලා රටේ ජාතික ධනය හොරාකාපු දේශපාලුවන්ට නීතිය ඉස්සරහට ගෙනල්ලා හොරා කාපු ධනය නැවත රටට අය කරගන්නඩ එතකොට මුලු රටටම ඔබලා එක්කයි
ඔය ඉදගෙන සහ හිටගෙන ඉන්න අයගේ රටේ ජාතික ධනය හොරාකාපු නැති කට්ටිය උස්සගන්ඩ බලන්න එතකොට අපි දන්නවා මෙන්න මෙයාලා පිරිසිදු දේශපාලකයෝ කියලා
හදිස්සියේම මට මේ පැත්තෙන් යන්න සිදුවුනා. මම මෙතන හිටපු කීප දෙනෙක්ගෙන් ඒගොල්ලෝ ගැන ඇහුවා. එක්කෙනෙක් කීවා එයාගේ යහළුවෙක් කීවා මෙතනට ඇවිත් කාන්චනව හම්බවෙන්න කියලා.ඒ නිසාලු ආවේ තවම හම්බවෙන්න බැරිවුනා, මිටින් එකෙන් පස්සේ හම්බවෙනවා කිව්වා. විදුලි බලමන්ඩලයේ ජොබ් වගයකටලු.මිනිහා කිවේ සීරියස් පිට.මාතර කෙනෙක් නොවේ අගුනකොලපලස්සේ කීවා.මිනිහානම් සාමාන්‍ය විදිහට හිටියේ, නමුත් අපිට ටිකක් එහායින් හිටපු උන් වගයක්නම් හොඳටම බිලා හිටියේ.
බලාගෙන ගිහාම මාතර ඉන්නේ අමු ගවයෝ නේ !
මෙහෙමත් මිනිස්සු ..පොල් පිත්තක් තිබ්බොත් චන්දෙ දෙනවා
විදුලිබල මණ්ඩලයේ රස්සාවල් ගන්න ආපු උදවිය ලු. පව් කියලත් හිතෙනවා
මෙයාලගෙම කට්ටියක් තමයි අර මුහුදේ පාවෙලා ආපු සැර බීම බිව්වෙත්. රටේ අනාගතයේ තීරණය කරන්න පිං පඩි රස්සාවක් හොයනවා. බය වෙන්න දෙයක් නෑ. මේ ලංකාවෙන්ම හොයාගන්න පුලුවන් ඔක්කොම තමයි.
අපේ රට කෑව මොවුන් මිනිස්සු අන්දලා බඩුමළු, වව්චර් දෙනවා කියලා මාතර මිනිස්සු අන්දලා නැතිනම් මොවුන්ට මෙච්චර ජනතාව ඉන්නේ... මොවුන් ගැන දන්නවා නම් ආයිමත් මොවුන් ජනාධිපති කරන්න දඟලන්නේ නෑ. මොවුන් 225ම එකයි. රටට සාපයක්...