
(ආරියරත්න රණබාහු)
ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුටද පසුගිය රජයේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අත් වූ ඉරණම අත්විම නොවැලැක්විය හැකිය යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අද (1)කොළඹදී පැවසීය.
එදා පැවැති අරගලයට ඇතැමුන් උපහාසයෙන් යම් යම් දේ කීවද රටේ ජනතාව තමන්ට තෙල් ටික විදුලිය ආහාර සෞඛ්‍ය ආදි අවශ්‍යතා සපුරාලීමට සහ විදේශ ණය ගෙවීමට නොහැකි අය බලයට පත් කිරීමට සූදානම් නැතැයිද ඔහු පැවසීය.
තමාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂය මේ රටට අලුත් වැඩ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව පැවසූ රණවක මහතා ඒ පිළිබඳව ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවද කීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයෙ අද පස්වරුවේ පැවති එම පක්ෂයේ දෙවන සමුළුව අමතමින් හෙතෙම ඒ බව කීය.
COMMENTS
මෙයත් ඔය හෑල්ල අවුරුදු ගානක් තිස්සේ කියනවා
එන් පී පී ඉංජිනේරු වෘතිකයන්ගේ සමුලුවට ගියා නම් පාටලීට අලුත් දැක්මක් තියෙන නායකයා හම්බ වෙන්න තිබුනා.
සජිත්ට නම් සක්වල හතක් තරණය කරලා අඟහරු වලට යන්න තරම් දැක්මක් තියෙනවා වගේ පේනවා. රනිල්ට මේ ලංකාව ක්‍රම ක්‍රමයෙන් දියුණුවට ගේන දැක්මක් තියෙන බව පේනවා. අනුර කුමාරගේ දැක්ම ඇමරිකන් තානාපතිනියගේ දැක්ම බව පේනවා.
මෙයයි සරත් පොන්සේකයි දෙන්නම ජනාධිපති වෙන්න හීන දකින දෙන්නෙක් .නමුත් මේ දෙන්නම මේ රටට කරපු කිසිම දෙයක් නැහැ. ඒ වගේම මේ දෙන්නටම කිසිම චන්ද පදනමක් නැහැ .මේ දෙන්නටම චන්ද ලැබිලා පාර්ලිමේන්තුවට ගියේ එක එක ප්‍රධාන පක්ෂ වලට හේත්තු වෙලා හිටිය නිසයි, චම්පික රණවකගේ ඔය නායකත්වයෙන් යුත් නව පක්ෂය හෝ පොඩි පොඩි පක්ෂ සමග සන්දාන ගතවෙලා ජනාධිපතිවර්ණයට චන්දය ඉල්ලුවත් අන්ත පරාජයක් ලබනවා එය ස්ථිරවම කියන්න පුළුවන්
එසේ නම් ඔබ වෙනම පක්ෂයක් විදියට එන්න .තවත් පක්ෂයක මහජන නියෝජිතයෙක් ලෙස සිටිමින් විහිලු සපයන්නේ නැතුව
වැඩිම උනොත් ලංකාවෙන්ම වෝට් 10 000 ක් ගනී.ඕකවත් හරියට තේරුමක් නැතුවද ජනාධිපති වෙන්න යන්නේ
මෙවර ඡන්ද බල තරහ කාරයන්ට හොද පාඩමක් උගන්වමු.