
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණ වැඳ පුදා මහා සංඝරත්නයේ ආශිර්වාද අද (18) පෙරවරුවේ ලබාගත්තේය.
චමල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
තිස්සමහරාම විහාරාධිපති, ආචාර්ය දේවාලයගම ධම්මසේන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අනුශාසනාව සිදුකහ.
තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති මාතර කන්ද බඩපත්තුව ඇතුළු හම්බන්තර පලාතේ ප්‍රධාන සංඝනායක විධායක අධ්‍යක්ෂක ශ්‍රී කාවන් තිස්ස මහ පිරිවන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මහා විහාරය තිස්සමහාරාමය ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පච්චි ,බාප්පොච්චිත් වැඩ පටන් ගත්තෙත් මෙහෙම තමා,අන්තිමට රටම හොරාකාලා විනාශ කෙරුවා .දූෂිත පවුල් පාලනේ උන් රටටම සාපයක් ??
ඔය නාමල් හා ලොකු අප්පච්චිට දෙපසින් සිටින අප්පා පුතාලා දෙන්නාම නිසා පොහොට්ටුව බලු බෙට්ටක් තරමට වත් නොවටිනා තත්වයට පත්වෙනවා .සාමාන්‍යයෙන් ජනතා කැමැත්ත මත තනතුරු ලබාගෙන ජනතාවටම පිස්තෝල පෙන්වා බයගැන්වීම් කරන්න පුළුවන් එකෙකු රටේ පාලනය සදහා කෙසේවත් සුදුසු නැහැ
අරගලය වෙලාවෙ සැගවී සිට දැන් තත්වය යහපත් වෙලා තියෙද්දි ජනාධිපති වෙනවා කියන්නෙ නිසල මුහුදේ නැවක් පදවනවා වගේම පහසුයි .ඒත් වත්මන් ජනාධිපති තනතුර භාරගත්තේ සුනාමි වගේ ප්‍රචන්ඩත්වයෙන් තිබුන මුහුදේ අබලන් නැවක් පැදවීමට තමයි .ඉතින් කළගුණ නොදන්නා නාමල් සොලොස්මස්තානත් ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා දෙතිස් ඵල බෝධීන් වහන්සේසේලාට වන්දනා කලත් නුඹටනම් කිසිදාක ජනාධිපති වෙන්න නම් බැහැ කුමාරයෝ
මේ පන්සලේ දේවාලයට නේද ඉම්පෝටඩ් දියවඩන කෙනෙක් දාලා පින්කැටයේ සල්ලි ඇද්දේ ?ආනන්තරීය පාප කාර්ම . ඔය හාමුදුරුවෝ එහෙම දන්නවානම් ?