
(නිමල කොඩිතුවක්කු)
විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සූරා ගෙන පෞද්ගලික දේශපාලන අරමුණු ‘ජයගන්න’ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විදේශ ගත වන, ගෘහ සේවයේ නියැලෙන අය වෙනුවෙන් ලැබෙන දීමනාව සේවා ගාස්තුවෙන් 5%ක් සෙස් බද්දක් ලෙස අය වන බවත් එය භාවිත කරන්නේ ශ්‍රමිකයන්ගේ සහ විදේශ ගත කරවන ආයතනවල, ශ්‍රමික පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වුවත් මෙම සෙස් එක ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ලංකාව ජය ග්‍රහණය කරන්න නොව ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිය ‘ජයගමු’ කරන්න යොදා ගන්නා බවත් මෙසේ සිදුව ඇති දූෂණ වංචා හොරකම ගැන තම රජයක් යටතේ සොයා බලන බවත් බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිතයන් සමඟ කොළඹදී පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.
සෙස් මගින් එකතුවන මහා ධනස්කන්ධය තනි පුද්ගලයකු වන ඇමතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන දෙයක් නොවී විවිධ පාර්ශ්වකරුවන් හා කණ්ඩායම් හි පොදු යෝජනා අනුව ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
එසේ නොවුවහොත් එම මුදල් අද වගේ පුද්ගලික දේශපාලන ව්‍යාපාරවලට යොදා ගන්නා බවත් ජනතාවගේ අරමුදල් අවභාවිත කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඊශ්‍රයාල් වැනි රටවලට රැකියා කෝටා ලබා දීමේ දී යහපත් ක්‍රමවේදයක් සිදු නොවන බවත් දූෂිත ක්‍රියා සිදුවන බව වාර්තා වන නිසා ඒ ගැනත් සොයා බලන බවත් ඔහු සඳහන් කළේය.
පෞද්ගලික පළිගැනීම්වලින් තොරව නිවැරදි සත්‍ය අනාවරණය කර යහපත් පිරිසුදු වගකියන වගවෙන ක්‍රමවේදයක් සකස් කරන බවත් මෙහි දී අනිතික මිනිස් ජාවාරම පවා නැති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රැකියා සදහා යවන දින 28ක කාලය තුළ රු. 120000ක් අතයටින් දී පුහුණු සහතිකය ලබා ගැනීමේ අලුත්ම ක්‍රමයේ වෙනසක් රටේ ක්‍රියාත්මක බවත් ප්‍රේමදාස මහතා කීවේය.
අද වන විට මෙම ක්ෂේත්‍රය හොර කප්පිත්තන්ගේ හොර ගුහාවක් බවට පත්ව ඇති බවත් මේ හොර මගඩිය අනිවාර්යෙන් නතර කර සුපිරිසුදු පුද්ගලයකු මේ ක්ෂේත්‍රය භාර ඇමතිවරයා ලෙස පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රශ්න මෙන්ම දූෂිත ක්‍රියාවලට යොමුවීම නිසා මේ පාර්ශ්වය දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එම නිසා දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ හොද පැතිකඩ ආරක්ෂා කර පවතින දුර්වලතා මගහරවා ගෙන විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර විනිවිදභාවයෙන් මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එක දවසින් දුන් පාස්පෝට් එකට දැන් මාස ගාණක් ගත වන බවත් මාර්ගගත ක්‍රමවේදය මෙයට හේතුව වී ඇති බවත් ප්‍රමාණවත් පාස්පෝට් තොග නොමැති වීම ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
වෛද්‍ය මධ්‍යස්ථාන හරහා වෛද්‍ය සහතික ලබා දීම ගැන සොයා බලා මේ ඒකාධිකාරිය වෙනුවට තරගකාරී ක්‍රමවේදයක් ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ජේ. සී අලවතුවල, මුජුබර් රහුමාන්, එස්. එම් මරික්කාර් හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බුද්ධිය අඩුම මිනිස්සු හිටගන්න තැන මෙතැන තමයි...
මගේ තීරණ හරි සරලයි, ප්‍රායෝගිකයි.. උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු, මහත නම් පාලක තනතුරු, කෙසඟ නම් සේවක තනතුරු. රටේ රැකියා ප්‍රශ්නේ ඉවරයි. මම තීරණ ගන්න වේගයට වෙන කාටවත් තීරණ ගන්න බැහැ.
ඔයාගේ ආණ්ඩුවක් යටතේ සජිත් ඉස්සර වෙලාම 2015 - 2019 කාලයේදී සංස්කෘතික අරමුදලෙන් බිලියන 1100 ක් අවභාවිතය, මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලදී සිදුවූ වංචා, දූෂණ, පශු සම්පත් මණ්ඩලයේ කිරි හරක් ගෙන්වීමේදී සිදූවූ දූෂණ, මහබැංකු මංකොල්ලය වගේ ඒවා ගැන මුලින්ම හොයා බලන්න...!
රටේ ඉන්න නමගිය මිනිස් ජාවාරම් කාරයෝ, හරිම තැනට සෙට් වෙලා...