
(නිමල කොඩිතුවක්කු)
රට ගොඩනැගීමේ ශක්තිමත්ම වැඩපිළිවෙළ සහ කණ්ඩායම සමග ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු රට ගොඩනැගීමේ ගමන ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී පැවසීය.
රටට අවශ්‍ය කයිවාරුකාරයින්, සංදර්ශන නොවන බැවින් කියන දේ කරන කතාව මහපොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරන්න සමගි ජන සන්ධානය කැපවන බවත් ඔහු කීවේය.
රටේ තිබෙන ජරාජිර්ණ වු දේශපාලන සංස්කෘතිවය නැවතිමේ ලකුණ තබා වරදාන වරප්‍රසාද මන්ත්‍රීධුර විකුණන යුගය සමගි ජනබලවේගය රාජයක් තුළ නතර කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ මංගල රැළියට කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී එක් වෙමින් ඔහු මේ බව පැවසීය. ‘සැමට ජයක් සමගි රටක්‘ යන තේමාවෙන් මෙම රැළිය සංවිධානය කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් බාෂාව දන්න එකේ ජපන්නු එක්ක කතා කරලා වෙන්ඩැති...
ගොඩගන්න එක කෙසේ වුණත් රට හාරන එක නම් කොහොමත් කරයි. ඒකටනේ උපාධියක් තියෙන්නේ.
රට නංවන්න කෙසේ වෙතත් හම්බකරගන්න බලාගෙන ඉන්න සෙට් එක නම් ඉන්න බව පේනව. බැඳුම්කර වංචාවක් උනේ නැහැ කියල පොතක් ලියපු සුජීව සේනසිංහ කේවට්ටය වගේ ලඟින් තියාගෙන ඉන්නෙ ඔය කියන රට හදන්නද? , අරෙහෙන් මෙහෙන් පනින ගෙම්බො සේරම ලංකරගෙන එක එකාට පොරොන්දු දිදී දවස ගානෙ ගිවිසුම් ගහන්නෙ රට හදන්නද වරදාන දෙන්නද? රට හදන්න එන එන එකත් එක්ක ගිවිසුම් මොකටද ? මෙයා වැරදිලාවත් දිනුවොත් තාත්තගෙ කාලෙ වගේ නෝනගෙ රැඟුම් වලට අමතරව නංගිගෙ රැඟුම් බලන්නත් වෙන එක සිකුරුයි.
අරයාගෙන් සල්ලි අරන් මෙයාට දෙනව, මෙයාගෙ වැඩ
විදෙස් නායකයින් සමඟ ඉංග්‍රීසි බසින් කථා කර, ණය සහ ආධාර ලබාගෙන රට ගොඩ ගන්න වෙන්න ඇති හිතන් ඉන්නේ. අනේ හොඳයි. පුංචි මොළේට තේරෙන හැටිනේ.
රට කුල්ල කුජීත කල යහපාලන කාලේ වගකිවයුතු ඇමතිකම් කල, ජූලී චංග්ට හීල උණු අරගලිස්ට්ස්ලා රට අරාජික කල වෙලේ පැනල දුවපු සජිත් ප්‍රේමදාසට මේ රටට වැඩක් කරන්න පුළුවන් නම් බස්නාහිරින් ඉර පායනු ඇත.
එතකොට රට වළලපු එකා මොකාද?
රට හැදෙනකොට රට බාරගන්නවා. රට වැටෙනකොට දුවනවා.
පියාණෝට හේත්තු නොවී නැගිටින්න පුලුවන් වුණු දාට පුතානෝ ට රට ගොඩගන්න පුලුවන් වෙයි. තාම හිතන් ඉන්නේ මේ 70 කාලේ කියලා. කියවන්නේ ජනසවියයි, ගම් උදාවයි ගේනවා කියලා. මෙයාටම හරියන සෙට් එක. රට හදන්න ඉන්නේ. කොච්චර දැඟලුවත් ඔයා ජනපති වෙන් නෑ. යාලේ හරි වෙන කොහේ හරී හොයාගන්න වෙන්නේ මේ පාරත් හැංගෙන්න...
ඔය පරණ දේශාභිමානී කතා කියලා ආයෙත් ජනතාව රවටන්න බෑ. හොරු වටේ තියාගෙන පිරිසිදු පාලනයක් හදනවලු. ඉස්සරවෙලාම දුලන්ජලීගෙන් පටන් ගන්න.