IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘

(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව  අද පැවති මැයි දින රැළියේදී  සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරනවා. ඒ සදහා සියල්ල සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල ⁣සිරිසේන මහතා පැවසීය.

රට රකින ජන පවුර " තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එක් වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසිය. ගම්පහ නගර සභා පිටියේ දී  මෙම රැස්වීම පැවැත්විණි.

අද දේශපාලඥයන්ගේ දිනය නොවේ වැඩ කරන ජනතාවගේ දවසයි . ඇවිත් ඉන්නේ පක්ෂය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් ජීවිතය පුද කරන්න කැමති පිරිසක්. පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගියාම වැරදියි විජේදාස රාජපක්ෂ අපි ගත්ත එක හරිද අහනවා. එතුමා ආවේ ඇමතිකම් බල්ලට දාලයි. ජනතාව ඉන්නේ අපි එක්කයි. අපි අලුත් වැඩපිළිවෙළකට යන්න ඕන. ඒකට අපි අද මුල්ගල තිබ්බා . ඕන කෙනෙක් ඕන කෙනකුට හේත්තු වෙන්න පුලුවන් ඒ වුණාට පක්ෂය එක එක් කෙනාට ඕන විදියට හේත්තු කරන්න දෙන්න බැහැ.

අද පක්ෂය බාර දිය යුත්තේ කාටද ඉවත දැමිය යුත්තේ කවුද කියා ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. දූගි භාවය තුරන් කරන වැඩ පිළිවෙළ අපි හදලා ඉවරයි. ඉදිරි මැතිවරණය දිනන්න පුළුල් ශක්තිමත් වැඩ පිළිවෙලක් හදනවා. ජනතාවගේ අමාරුකම් අත්දැකීමෙන් දන්නවා. සුඛිත මුදිත රටක් හදන්න ජනතාව ඉන්නේ පක්ෂය එක්කයි කියන එක අද මෙි රැළියෙන් පෙන්නුම් කරනවා. 



අදහස් (10)

‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘

Cheap humans Wednesday, 01 May 2024 10:03 PM

ඔහු කතා කරන්නේ කොහෙන්ද?

:       1       21

chandima Thursday, 02 May 2024 12:44 AM

පේනවා.. පේනවා. ඔක්කොම වෙන තැන්වලට ගිහින් යන්තම් හාල් කැලි ටිකක් ඉතුරු වෙලා ඉන්නවා

:       1       26

Conceited Thursday, 02 May 2024 07:53 AM

සමහර මළ ගෙවල්වලට මීට වඩා සෙනග ඉන්නවා

:       1       28

Rohana Thursday, 02 May 2024 09:07 AM

නිකම් බොරුවැඩ නොකර ඉන්න. ඔබලාට මේ කපේදිවත් ජනතා බලයක් ලබාගන්න අමාරුයි. මෛත්‍රීපාල ජනතා විශ්වාසය පලුදුකල කෙනෙක්. ඒ නිසා මේ කරන්නේ අසර්ථක ක්‍රියාවක්.

:       2       35

නිමල් Thursday, 02 May 2024 10:29 AM

නරි වාදන්

:       1       3

ANURA ROME Thursday, 02 May 2024 01:29 PM

ජනතාව ඉන්නෙ කොහෙද කියල අපිටත් පේනවා..ඉන්නෙ ටෙන්ට් එක ඇතුලෙනෙ

:       1       4

Nandalal DE SILVA - France Thursday, 02 May 2024 01:33 PM

අධිකරණයෙන් විශාල දඩයක් ගහපු ,ජනතාව ප්‍රතික්ෂේප කරපු,නීතියෙන් මහ පුටුව තහනම් කරපු ,ශ්‍රිලංකාවේ පරිණතම සහ බලවත් පක්ෂයක් වන ශ්‍රීලංකා නිදහස් පක්ෂය බලෙන් උරුම කරගන්න දන්න හැම දහන් ගැටයක් ගහන මේ පොළොන්නරු "හිටන්ට" අමු කැවිලද නැත්නම් දවල් හීන පේනවද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි

:       1       4

chandika Thursday, 02 May 2024 03:25 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයවේවා... අපි හැමදාමත් ශ්‍රීලනිපය සමඟයි...

:       0       3

ගමේ එකාලා Thursday, 02 May 2024 05:08 PM

ජනතාව කෙසේ වෙතත් එහෙට මෙහෙට පැනපු දේසපාලුවෝ නම් ඉන්නේ කරකියා ගන්ඩ දෙයක් නැතිව අන්දමන්ද වෙලා?

:       1       1

චතුරි Saturday, 04 May 2024 03:43 AM

ජනතාව දැන් ඉන්නෙ. ඔබලාව එළවන්නේ කොයි වෙලේද කියලා බලන් ප්‍රතිපල කියනකොට. ඔය සරම මැදට නූලක් ඇද්ලා තියා ගන්න දුවන්න බලන්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 406 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site