IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩල අනුමැතිය නැතිව විවෘත ලංසු ක‍්‍රමයට බැඳුම්කර නිකුත් කරලා

මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුල්‍ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීමකින් තොරව මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කළ ඍජු ස්ථාන ක‍්‍රමය වෙනුවට වසර තිහකින් කල් පිරෙන පරිදි විවෘතව ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කර ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා පෙරේදා (27) පැවසීය.

කොටස් හා සුරැුකුම් නීතීය කඩකරන අයෙකු අපරාධමය වරදක් කළා සේ සළකා එම පනත අනුව වසර පහකට නොවැඩි සිර දඩුවමක් හා රුපියල් මිලියන 10ක දඩයක් නියම කිරීමට හැකියාව ඇතැයි ද ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලූපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

එම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ දෙවැනි දිනයටත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය එල්.එච්.එස්. සමරතුංග මහතා සාක්කි පෙරේදා ලබා දුන්නේය.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දුන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.

මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර සිද්ධියට අදාළව ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ වාර්තාවක් සාක්කිකරුට පෙන්වන ලදුව 
ප‍්‍ර. ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළ වූ මෙම වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු වුණාද?

පිළි. මම මේ ගැන දැනගත්තේ මාධ්‍ය මගින්.

ප‍්‍ර. මෙම ප‍්‍රකාශය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යංශයෙන්. එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඔබ මේ ගැන දන්නේ නැද්ද?

පිළි. මාධ්‍යයෙන් දැනගන්නා තුරු මා ඒ ගැන දන්නේ නැහැ.

ප‍්‍ර. මුදල් අමාත්‍යංශයෙන් ලේකම්වරයා ලෙස ඔබ නොදැන මාධ්‍යයට මේ වගේ ප‍්‍රකාශ නිකුත් කළ හැකිද?

පිළි. ඔව්. මුදල් අමාත්‍යංශයේ කාර්යාලයෙන් විවිධ අන්දමේ මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කරනවා. ඒ පිළිබ`දව මා දන්නේ නැහැ.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙම මාධ්‍ය ප‍්‍රකාශය ඔබ අමාත්‍යංශයෙන් නිකුත් කළ බව ඔබ පිළිගන්නවාද?

පිළි. ඔව්.

මේ අවස්ථාවේදී 2014 වසරේ සිට 2015 වසර දක්වා විසර්ජන පනත් කෙටුම් පතෙහි යොජනා අංක 41 කෙරෙහි සාක්කිකරුගේ අවධානය යොමු කරයි. 

ප‍්‍ර. මේ පනතේ රජය ණය ලබාගත යුතු ආකාරය සඳහන් වෙනවා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඊට පසු ගෙන එන සංශෝධනයක් මගින් ලබාගත යුතු ණය ප‍්‍රමාණය වැඩිකරන බවද එම ණය භාණ්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් ලබාගත යුතු බවද සඳහන් වෙනවා නේද?

පිළි. ඔව්. ණය, භාණ්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් ලබාගත යුතු බවද සඳහන් වෙනවා.

ප‍්‍ර. මෙම භාණ්ඩාගාර බැඳුම්කර පාලනයට බලපාන නීතීය කුමක්ද?

පිළි. ලියාපදිංචි කොටස් හා සුරැුකුම් පනතයි. 
ප‍්‍ර. මෙම පනත හැර නීතී සුරැුකුම් සම්බන්ධයෙන් වෙනත් පනත් බලපානවද?

පිළි. මා දන්නා තරමින් මෙම නීතීය පමණයි බලපාන්නේ.

ප‍්‍ර. මෙම නීතීය 1939 මුල් වරට ලංකාවට නිදහස ලැබීමට පෙරද?

පිළි. ඔව්.

මේ අවස්ථාවේදී 1939 සිට 2004 දක්වා වරින්වර සංශෝධනය වී ඇති මෙම පනතේ වගන්ති කෙරෙහි සාක්කිකරුගේ අවධානය යොමු කරයි.

ප‍්‍ර. එහි සඳහන් වන්නේ සුරැුකුම් පත් අලෙවි කිරීමේ ක‍්‍රමවේදය නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. මෙම පනතේ 4වැනි ඡේදයේ පළමු වැනි උපවගන්තිය අනුව බැඳුම්කර වෙන්දේසියකදී අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බව හා එහි ඇතුළත් විය යුතු කරුණු ගැන සඳහන් වෙනවා නේද?

පිළි. ඔව්. ඊට අමතරව බැඳුම්කර වෙන්දේසියක් සිදු කළ යුතු කාලසීමාවද සඳහන් වෙනවා නේද?

ප‍්‍ර. ඔව්. නිවැරදියි.

මේ අවස්ථාවේදී ලියාපදිංචි කොටස් හා සුරැුකුම් පනත පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරන ලදී.

ප‍්‍ර. කොටස් හා සුරැුකුම් පනත කඩකරන අයෙකුට හිමිවන දඬුවම කුමක්ද?

පිළි. මූලික සාක්කි විභාගයකින් අනතුරුව ඔහු මෙම චෝදනාවට වරදකරු වුවහොත් ඔහු අපරාධමය වරදක් කළාසේ සළකා වසර 05කට නොවැඩි සිරදඬුවමක් හා මිලියන 10ක දඩයක් නියම කිරීමට හැකියාව තියෙනවා.

ප‍්‍ර. මේ පනත යටතේ මුදල් ඇමතිවරයාට හැකියාව තියෙනවා යම් යම් බලතල භාණ්ඩාගාර ලේකම්වරයාට පැවරීමට හැකියාව තියෙනවාද?

පිළි. ඒ ගැන මට කියන්න හැකියාවක් නැහැ.

ප‍්‍ර. 2015 මාර්තු මාසයේදී බිලියන 13.55ක මුල්‍ය අවශ්‍යතාවයක් පිළිබඳව සඳහන් වෙනවාද?

පිළි. ඔව්

ප‍්‍ර. 2015 මාර්තු අවසානයේදී එම මුදල් අවශ්‍යතාවය ඊට වඩා වැඩි වුණාද?

පිළි. ඒ ගැන මගේ මතකයට එන්නේ නැහැ.

ප‍්‍ර. මෙම කොමිසම පත් කළ සිද්ධියට අදාළව 2015 පෙබරවාරී මස 26 වැනිදා මහාමාර්ග ඇමති, මුදල් ඇමති හා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ භාණ්ඩාගාර ලේකම්වරයා පැවැත්වූ රැුස්වීම පිළිබ`දව ඔබ දන්නවාද?

පිළි. මෙවැනි රැස්වීම් කිහිපයක්ම පැවැත්තුවා. ඒ නිසා මේ රැස්වීම පිළිබඳව මාගේ මතකයට එන්නේ නැහැ.

ප‍්‍ර. රටේ ණය අවශ්‍යතාවය සපුරා ගැනීම පිළිබඳව ඉතාම වැදගත් සාකච්ඡුාවක් වූ මේ පිළිබඳව ඔබ දන්නේ නැද්ද?

පිළි. අමාත්‍යවරුන් සමඟ දිනපතා සාකච්ඡා ගණනාවක් පැවැත්වෙන නිසා මේ කියන රැස්වීම පිළිබඳව මාගේ මතකයට එන්නේ නැහැ.
ප‍්‍ර. සාමාන්‍යයෙන් මෙවැනි රැුස්වීමක් කැඳවන්නේ කවුද?

පිළි. මුදල් අමාත්‍යවරයා.

මේ අවස්ථාවේදී 2015 මාර්තු මස 17 වැනිදා හැන්සාඞ් වාර්තාවේ අවසන් ජේදය පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරයි.
ප‍්‍ර.  මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී කඩිනම් මුදල් අවශ්‍යතාවයක් ලෙස සඳහන් කරමින් රුපියල් මිලියන 100ක් ලබාගෙන තියෙනවා නේද?

පිළි. ඔව්. ඒ බව මෙහි සඳහන් කරලා තියෙනවා. කරපු වැඩවලට සහ කරගෙන යන වැඩවලට ගෙවන්න මේ මුදල් ඉල්ලා තියෙනවා.

ප‍්‍ර. කඩිනම් ණයක් ලෙස රුපියල් බිලියන 15ක් ලබාගැනීම පිළිබඳව මෙම ප‍්‍රකාශය කර තියෙන්නේ රටේ අග‍්‍රාමාත්‍යවරයා. ඒ පිළිබඳ ඔබ දන්නවාද?

පිළි. මේ ගැන මා දන්නේ නැහැ.

ප‍්‍ර. මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලට ඔබ සහභාගි වුණාද?

පිළි. මට ඒ ගැන මතකයක් නැහැ.

ප‍්‍ර. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 පෙබරවාරි 23 වැනිදා කාර්ය සටහන් මුල්‍ය මණ්ඩලයේ සාකච්ඡාවක් පැවැත්වුණාද?

පිළි. මට මතකයක් නැහැ.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා - මුදල් ලේකම්වරයා ලෙස මේ වගේ වැදගත් සිදුවීම් පිළිබඳව සටහන් තබාගත යුතුයි නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. 2015/02/23 වැනිදා පැවැති රැස්වීමේදී ආර්ථික පර්යේෂණ රැස්වීමේදී ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂක ඇස්. ගුණරත්න මහතා වැදගත් ආර්ථික සිදුවීම් පිළිබඳව ඉදිරිපත් කිරීමක් කළා නේද ?

පිළි. ඔව්. ඒක සාරාංශයක්.

ප‍්‍ර. එහිදී මෙම සිද්ධියට අදාළ බැඳුම්කර වසර 30ක කාලයක් නිකුත් කිරීම් පිළිබඳව සඳහන් කළාද?

පිළි. ඔව්. අධ්‍යක්‍ෂක (ආර්ථික පර්යේෂණ) කාර්යභාරය වන්නේ රටේ සාර්ව ආර්ථික කටයුතු, සුක්‍ෂම ආර්ථික කටයුතු, රටේ අයවැය තුළනය පිළිබඳ විශ්ලේක්‍ෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමටයි. මෙය රටේ ආර්ථිකය පිළිබඳව විශ්ලේක්‍ෂණයක්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා මෙම වසර 30ක බැඳුම්කර නිකුතුව පිළිබඳව කටයුතු කරන්නේ කුමන දෙපාර්තමේන්තුවද?

පිළි. ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

ප‍්‍ර. 2015 මාර්තු මස 06 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ රැස්වීමක් පැවැත්තුවේ එහිදී හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටියාද මෙතෙක් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළ ඍජු ස්ථාන ක‍්‍රමය වෙනුවට වසර 30ක කාලයක් සඳහා බිලියන 20ක සහ බිලියන 10ක බැඳුම්කර විවෘත ලංසු තැබීමේ ක‍්‍රමය අනුගමනය කරන බව පැහැදිලි කළාද?

පිළි. ඔව්.

ප‍්‍ර 2015/03/06 වැනිදින තෙක් වසර 30ක කාලයක් සඳහා මෙම ක‍්‍රමයට බැඳුම්කර නිකුත් කරන බව ඔබ දන්නවාද?

පිළි. ඔව්.

ප‍්‍ර. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙම තීරණය ගත්තේ ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලයේ උපදෙස් ලබාගෙනද?

පිළි. නැහැ.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝ්දාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ තෙවැනි දිනයටත් සාක්කි දුන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ප‍්‍ර. 2015 ජනවාරි මස 15 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් පුවත්පත් නිවේදනය නිකුත් කරන ලද්දේ කවුද?

පිළි. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිසිර විජේසිංහ මහතා.

ප‍්‍ර. ඔහු මෙම ලිපියේ මුද්‍රා තබා ඇත්තේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස නේද?

පිළි. ඔව්. නමුත් ඔහු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයායි.

මේ අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සිසිර විජේසිංහ මහතාගේ පත්වීම් ලිපිය කොමිසමට ඉදිරිපත් කළේය.

ප‍්‍ර. 2015 ජනවාරි මස 15 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් පුවත්පත් නිවේදනය නිකුත් කිරීම සුරැකුම් නීතීයට පටහැනියි නේද?

පිළි. ඔව්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා  2015/02/23 වැනිදා පැවැත්වු මුල්‍ය මණ්ඩලයේ රැස්වීම් දෙකකට සමරතුංග මහතා සහභාගී වුණා නේද?

පිළි. ඔව්.

කොමිසමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ තෙවැනි දිනයටත් සාක්කි දුන් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ප‍්‍ර. 2015 ජනවාරි මාසය වන විට මහ බැංකුව අයත් වුණේ කුමන අමාත්‍යංශය යටතටද?

පිළි. මුදල් අමාත්‍යංශය යටතේයි.

ප‍්‍ර. 2015 පෙබරවාරි මාසය වන විට මහ බැංකුව අයත් වුණේ කුමන අමාත්‍යංශය යටතටද?

පිළි. ආර්ථික කටයුතු හා ප‍්‍රතිපත්ති සැළසුම් අමාත්‍යංශය යටතට.

සභාපති කොමසාරිස් කේ.ටී. චිත‍්‍රසිරි මහතා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කළ පසු ලියාපදිංචි කොටස් හා සුරැකුම් පනත යටතේ කටයුතු කිරීමට බැඳී නැහැ නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. ගැසට් නිවේදන නිකුත් කිරීමේ ක‍්‍රියාවලිය පැහැදිලි කරන්න.

පිළි. සියළුම අමාත්‍යංශවල සිදුවන ක‍්‍රියාවලියම මෙහිදීත් සිදුවෙනවා.

ප‍්‍ර. ගැසට් නිවේදන නිකුත් කිරීමේදී අදාළ අංශවල තාක්‍ෂණික හා නෛතික උපදෙස් ලබාගන්නවාද?

පිළි. ඔව්. ඉන්පසුව ගැසට් නිවේදනය කෙටුම්පත් කර අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අමාත්‍යවරයාගේ අත්සනට යොමු කරනවා.

ප‍්‍ර. මේ ක‍්‍රමය මුදල් අමාත්‍යංශයේ ගැසට් නිවේදන නිකුත් කිරීමේදීත් මේ ක‍්‍රමය අනුගමනය කරනවාද?

පිළි. ඔව්.

ප‍්‍ර. මුදල් අමාත්‍යංශයේ ගැසට් නිවේදනයක් සාමාන්‍යයෙන් අමාත්‍යවරයාගේ අත්සනට යොමු කරනවා නම් එය යොමු කළ යුත්තේ කවුරුන් හරහාද?

පිළි. මා හරහායි.

ප‍්‍ර. සාමාන්‍යයෙන් ගැසට් නිවේදන නිකුත් කරන්නේ ඇයි?

පිළි. රජයේ ප‍්‍රතිපත්ති සම්බන්ධ කටයුතු සඳහා ගැසට් නිවේදන නිකුත් කරනවා.

ප‍්‍ර. රජයේ නිලධාරීන් රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවාද?

පිළි. ඔව්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 52 (2)යටතේ රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමට රජයේ නිලධාරීන් බැඳී සිටිනවා.

ප‍්‍ර. මුදල් අමාත්‍යංශයේ රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේදී මූලිකත්වය ගන්නේ කවුරුන්ද?

පිළි. මායි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගෙන් හරස් ප‍්‍රශ්න කිසිවක් නෙඅසන බව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතාද කොමිසමට දැනුම් දුන්හ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ සාක්කි විමසීම එතැකින් අවසන් විය.
වැඩිදුර සාක්කි විභාගය පැවැත්වේ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම්වරයා ලෙස සුමතිපාල උඩුගමසඋරිය මහතා කටයුතු කරයි.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝ්දාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතිඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතිඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි මහතා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)



අදහස් (0)

අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩල අනුමැතිය නැතිව විවෘත ලංසු ක‍්‍රමයට බැඳුම්කර නිකුත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 939 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7408 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 888 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 327 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 85 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site