IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘අරගලය වෙලාවේ රට බාර ගන්න කීවත් සජිත් මග හැරියා‘‘

(තිලකරත්න දිසානායක)

ගෝඨාභය ජනාධිපතිවරයා පළා ගිය විට රට බාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යෝජනා කළ අවස්ථාවේ ඔහු වගකීමෙන් බැහැර වූ නිසා සජිත් සමග ගමනක් නැති බව තමන් තීරණය කළා යැයි , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ දී අද (17) පැවසීය.

ලන්තෑරුම ලකුණින් තරග කරන ෆොන්සේකා මහතා සිය මැතිවරණ ව්‍යාපාරය  ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.

"සියල්ල ගැනම මට අවබෝධයක් තිබෙනවා. පසුගිය කාලයේ විශාල අරගලයක් තිබුණා.මෙහිදී රටේ ජනතාව කිව්වෙ පාර්ලිමේන්තුවෙ දෙසීය විසි පහම එපා කියල. මම හිතනව ඒව ජනතාවගෙ සිත්වල ඇතිය කියල.

දේශපාලන පක්ෂවලින් ආපු අය එපාය කිව්ව. අරගලයට මම  සහාය දෙනවිට , අරගලයේ තරුණයින්ට සහාය ලබා දීම සිදු කරන විට ඒ අය මගෙන් ප්‍රශ්න කරන්න ගත්ත ඇයි දේශපාලන පක්ෂයක ඉන්නෙ  කියල.

ඒ අය මගෙන් අහන්න ගත්ත , නිර්පාක්ෂික වෙන්නෙ නැත්තෙ ඇයි කියල. ඒ සියල්ලටම අද පිළිතුර ලබාදී තිබෙනව. මම ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා.

මම දැන් නිර්පාක්ෂිකවී සිටිනවා. නිර්පාක්ෂික වෙලා ජනතාවගෙ පැත්තේ සිට , ජනතාව වෙනුවෙන් කැපවීමක් කරන්න ජනතාව වෙනුවෙන් බෙල්ල තියන්න ස්වාධීනව මේ මැතිවරණයට ඉදිරිපත් වුණා.

මම සමගි ජනබලවේගයෙ හිටපු උප නායකය.සභාපතිවරයා. මට ඒ පක්ෂයෙ හුග දෙනෙක් මට කිව්වා දෙන දෙයක් කාල නායකයට කඩේ ගිහිල්ල ඉන්නයි කියල. සමගි ජනබලවේගය පිහිටෙව්වේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ඇවිල්ල. අපි ඒ වෙලාවෙ විශාල කැපවීම් කළා. මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුව. මම පළමු වෙනිය වුණා. අපි කැපවීමෙන් යුතුකම ඉෂ්ඨ කළා.

ගෝඨාභය ජනාධිපති පළා යනවිට ජනතාව අනාථ වෙලා සිටින විට පක්ෂයේ නායකයාගෙන් රට බාර ගන්නයි කියා ඉල්ලා සිටියත් එය ඉටු කළේ නැහැ. විවිධ දේවල් කියන්න ගත්ත. බහුතරය ගැන කතා කළා. ජනාධිපති තෝරා ගැනීමේදී ඉදිරිපත් වන ලෙසට යෝජනා කළත් ඉදිරිපත් නොවී ඩලස්ගෙ නම යෝජනා කළා. වගකීමෙන් බැහැර වුණා. ඒ නිසා මම තීරණය කළා සජිත් සමග ගමනක් නැති බව. ගෝඨාභය අවුරුදු දෙකෙන් යන බව මම කලින් කිව්ව. සජිත්ද ඒ හා සමානයි.

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරය හොබවමින් සිටියදී කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථය, රැස්වීම පැවති වේදිකාව ඉදිරිපිට ප්‍රදර්ශනය කොට තිබූ අතර මෙම අවස්ථාවේදී තවත් කථිකයින් කිහිප දෙනෙකුද අදහස් දැක්වූහ.



අදහස් (10)

‘‘අරගලය වෙලාවේ රට බාර ගන්න කීවත් සජිත් මග හැරියා‘‘

sunimal Sunday, 18 August 2024 04:00 AM

ඉතින් ඔහෙත් බාරගත්තේ නැහැනේ. එනිසා සජිත්ගෙයි ඔහේගෙයි අනුරගෙයි වෙනස මොකක්ද? මහින්දට වගේම ඔහෙටත් යුද්ධය විකුණාගෙන කන්න තවදුරටත් ඉඩක් නැහැ. තමන්ගේ තරම මේ ඡන්දෙදීවත් දැනගත්තොත් හොඳයි. නිකන් කිච වෙනවා...!

:       0       0

Rama Sunday, 18 August 2024 04:46 AM

වෙල්විදානේ තුමා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න ගිහිල්ලා පටලවාගෙන. මේ කරන්න හදන්නේ සජිත් ප්‍රේමදාසටයි, ගෝඨාභයටයි... දෙන්නාටම එකපාර අපහාස කරන්න. නමුත් ඇත්තටම වෙච්චි දේ මතක් කරගන්නවා නම් ගෝඨාභය අගමැතිකම බාරගන්නයි සචිත්ත ආරාධනා කරේ නැතුව ගෝඨාභය ගිහිල්ලා ඉවරවෙලා හෝ යන ගමන් හෝ සජිත්ට කතා කරේ නෑ අගමැතිකම ගන්න කියලා ඔතැන වෙන්න ඇත්තේ වෙල් විදානේ බලාපොරොත්තු වෙන්න ඇති. සජිත් අරගත්තාම සජිත්ටත් ඇනලා අගමැතිකම අරගෙන ටික දවසකින් ඊට පස්සේ කුමන්ත්‍රණයක් මොකක් හරි කරලා ගෝඨාභයවත් කොහොම හරි එළවලා ජනාධිපති වෙන්න ඔය දෙකම බැරි වෙච්චි නිසා තමයි මෙයාට තරහා ඇත්තේ දැන් මොනවා වුණත් අවබෝධයක් කියලා දෙයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කරුණු කාරණා හරි හැටි හොයාගන්න. එහෙම නැතුව ජනාධිපතිකමක් කරන්න බෑ. වෙල් විධාන විදිහටම ඉන්න වෙයි...!

:       0       0

Nishan Sunday, 18 August 2024 04:47 AM

මග හැරපු අය ගැන නෙවෙයි..., ඒ විශාල අභියෝගය බාරගත්තු කෙනා ගැන කතා කරන්න. ඒකයි වටිනාම දේ ඒ වෙලාවේ.

:       0       0

ගමේ එකාලා Sunday, 18 August 2024 04:49 AM

දූෂිත පවුල් පාලනේ අය හොරාකාලා කාබාසීනියා කරපු රට බාරගන්නේ අහවල් දේකටද? අනික සජිත්ට කරන්න පුලුවන් දෙයක් නැහැ...!

:       0       0

Buddika Sunday, 18 August 2024 09:40 AM

මනුස්සයො තමන්ගෙ ප්‍රතිපත්ති කෝ? සජිත්ට බනින එකද ප්‍රතිපත්තිය? සජිත්ට ඇති ආකර්සනයෙන් 1% නැති මිනිහෙක් සජිත්ට බනින්නෙ.අරගලය වෙලාවෙ රට භාර ගත්ත නම් පාර්ලිමේන්තු බහුතරය තියන පොහොට්ටු හොරු සජිත්ට රට කරන්න දෙයිද. මේ මිනිහට කිසිම තැනක කිසිම කෙනෙක් එක්ක ඉන්න බැ. .ඉන්න තැන නායකත්වයට අරින්න යනව කුහකකමයි බල තන්හාවයි නිසා

:       0       1

ඇරියස් Sunday, 18 August 2024 11:41 AM

සජිත් මග ඇරියෙ නැහැ . නාකි සොම්බිය පස්සෙ දොරෙන් ගිහිල්ල බලෙන් ඉල්ල ගත්ත .

:       1       1

Rata Perata Sunday, 18 August 2024 01:19 PM

රටේ ජනතාවගේ ගෞරවය තියාගෙන ඉන්න තිබුණු මිනිහෙක් .දැන් නිකන්ම නිකන් පුස් මිනිහෙක් වෙලා .කර්මය තමයි

:       0       2

කුමරි ගීතාංජලී Sunday, 18 August 2024 04:48 PM

ඒ වෙලාවේ අගමැතිකම භාර ගත්තනම් සජිත්ටත් යන එනමං නැතිවෙනවා. හොරනාමය නිකම්ම වදිනවා. ඒ වෙලාවේ සජිත් මහත්තයා කලේ කලයුතු හොඳම දේ.එහෙම ගියානම් අද සරත් ෆොන්සේකා තමයි සජබෙන් ඉල්ලන්නේ. සරත් වගේ සජිත් මෝඩ නැහැ.

:       1       1

DR D RANATUNGE Sunday, 18 August 2024 05:35 PM

ජෙනරාල් SF ඔබට සුභ පතනවා.

:       0       0

sujith liyanage Sunday, 18 August 2024 06:09 PM

මේ මනුස්සයා දන්නා දේශපාලනයක් ඇත්තටම නැහැ. අර හමුදාපති ධූරයෙන් අයින් වෙලා හිටියනම් අදටත් මිනිසුන් ගරු කරනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 409 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site