
(තිලකරත්න දිසානායක)
ගෝඨාභය ජනාධිපතිවරයා පළා ගිය විට රට බාරගන්නා ලෙස සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යෝජනා කළ අවස්ථාවේ ඔහු වගකීමෙන් බැහැර වූ නිසා සජිත් සමග ගමනක් නැති බව තමන් තීරණය කළා යැයි , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහ දී අද (17) පැවසීය.
ලන්තෑරුම ලකුණින් තරග කරන ෆොන්සේකා මහතා සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් මේ බව සඳහන් කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.
"සියල්ල ගැනම මට අවබෝධයක් තිබෙනවා. පසුගිය කාලයේ විශාල අරගලයක් තිබුණා.මෙහිදී රටේ ජනතාව කිව්වෙ පාර්ලිමේන්තුවෙ දෙසීය විසි පහම එපා කියල. මම හිතනව ඒව ජනතාවගෙ සිත්වල ඇතිය කියල.
දේශපාලන පක්ෂවලින් ආපු අය එපාය කිව්ව. අරගලයට මම සහාය දෙනවිට , අරගලයේ තරුණයින්ට සහාය ලබා දීම සිදු කරන විට ඒ අය මගෙන් ප්‍රශ්න කරන්න ගත්ත ඇයි දේශපාලන පක්ෂයක ඉන්නෙ කියල.
ඒ අය මගෙන් අහන්න ගත්ත , නිර්පාක්ෂික වෙන්නෙ නැත්තෙ ඇයි කියල. ඒ සියල්ලටම අද පිළිතුර ලබාදී තිබෙනව. මම ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා.
මම දැන් නිර්පාක්ෂිකවී සිටිනවා. නිර්පාක්ෂික වෙලා ජනතාවගෙ පැත්තේ සිට , ජනතාව වෙනුවෙන් කැපවීමක් කරන්න ජනතාව වෙනුවෙන් බෙල්ල තියන්න ස්වාධීනව මේ මැතිවරණයට ඉදිරිපත් වුණා.
මම සමගි ජනබලවේගයෙ හිටපු උප නායකය.සභාපතිවරයා. මට ඒ පක්ෂයෙ හුග දෙනෙක් මට කිව්වා දෙන දෙයක් කාල නායකයට කඩේ ගිහිල්ල ඉන්නයි කියල. සමගි ජනබලවේගය පිහිටෙව්වේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ඇවිල්ල. අපි ඒ වෙලාවෙ විශාල කැපවීම් කළා. මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුව. මම පළමු වෙනිය වුණා. අපි කැපවීමෙන් යුතුකම ඉෂ්ඨ කළා.
ගෝඨාභය ජනාධිපති පළා යනවිට ජනතාව අනාථ වෙලා සිටින විට පක්ෂයේ නායකයාගෙන් රට බාර ගන්නයි කියා ඉල්ලා සිටියත් එය ඉටු කළේ නැහැ. විවිධ දේවල් කියන්න ගත්ත. බහුතරය ගැන කතා කළා. ජනාධිපති තෝරා ගැනීමේදී ඉදිරිපත් වන ලෙසට යෝජනා කළත් ඉදිරිපත් නොවී ඩලස්ගෙ නම යෝජනා කළා. වගකීමෙන් බැහැර වුණා. ඒ නිසා මම තීරණය කළා සජිත් සමග ගමනක් නැති බව. ගෝඨාභය අවුරුදු දෙකෙන් යන බව මම කලින් කිව්ව. සජිත්ද ඒ හා සමානයි.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරය හොබවමින් සිටියදී කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථය, රැස්වීම පැවති වේදිකාව ඉදිරිපිට ප්‍රදර්ශනය කොට තිබූ අතර මෙම අවස්ථාවේදී තවත් කථිකයින් කිහිප දෙනෙකුද අදහස් දැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔහෙත් බාරගත්තේ නැහැනේ. එනිසා සජිත්ගෙයි ඔහේගෙයි අනුරගෙයි වෙනස මොකක්ද? මහින්දට වගේම ඔහෙටත් යුද්ධය විකුණාගෙන කන්න තවදුරටත් ඉඩක් නැහැ. තමන්ගේ තරම මේ ඡන්දෙදීවත් දැනගත්තොත් හොඳයි. නිකන් කිච වෙනවා...!
වෙල්විදානේ තුමා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්න ගිහිල්ලා පටලවාගෙන. මේ කරන්න හදන්නේ සජිත් ප්‍රේමදාසටයි, ගෝඨාභයටයි... දෙන්නාටම එකපාර අපහාස කරන්න. නමුත් ඇත්තටම වෙච්චි දේ මතක් කරගන්නවා නම් ගෝඨාභය අගමැතිකම බාරගන්නයි සචිත්ත ආරාධනා කරේ නැතුව ගෝඨාභය ගිහිල්ලා ඉවරවෙලා හෝ යන ගමන් හෝ සජිත්ට කතා කරේ නෑ අගමැතිකම ගන්න කියලා ඔතැන වෙන්න ඇත්තේ වෙල් විදානේ බලාපොරොත්තු වෙන්න ඇති. සජිත් අරගත්තාම සජිත්ටත් ඇනලා අගමැතිකම අරගෙන ටික දවසකින් ඊට පස්සේ කුමන්ත්‍රණයක් මොකක් හරි කරලා ගෝඨාභයවත් කොහොම හරි එළවලා ජනාධිපති වෙන්න ඔය දෙකම බැරි වෙච්චි නිසා තමයි මෙයාට තරහා ඇත්තේ දැන් මොනවා වුණත් අවබෝධයක් කියලා දෙයක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කරුණු කාරණා හරි හැටි හොයාගන්න. එහෙම නැතුව ජනාධිපතිකමක් කරන්න බෑ. වෙල් විධාන විදිහටම ඉන්න වෙයි...!
මග හැරපු අය ගැන නෙවෙයි..., ඒ විශාල අභියෝගය බාරගත්තු කෙනා ගැන කතා කරන්න. ඒකයි වටිනාම දේ ඒ වෙලාවේ.
දූෂිත පවුල් පාලනේ අය හොරාකාලා කාබාසීනියා කරපු රට බාරගන්නේ අහවල් දේකටද? අනික සජිත්ට කරන්න පුලුවන් දෙයක් නැහැ...!
මනුස්සයො තමන්ගෙ ප්‍රතිපත්ති කෝ? සජිත්ට බනින එකද ප්‍රතිපත්තිය? සජිත්ට ඇති ආකර්සනයෙන් 1% නැති මිනිහෙක් සජිත්ට බනින්නෙ.අරගලය වෙලාවෙ රට භාර ගත්ත නම් පාර්ලිමේන්තු බහුතරය තියන පොහොට්ටු හොරු සජිත්ට රට කරන්න දෙයිද. මේ මිනිහට කිසිම තැනක කිසිම කෙනෙක් එක්ක ඉන්න බැ. .ඉන්න තැන නායකත්වයට අරින්න යනව කුහකකමයි බල තන්හාවයි නිසා
සජිත් මග ඇරියෙ නැහැ . නාකි සොම්බිය පස්සෙ දොරෙන් ගිහිල්ල බලෙන් ඉල්ල ගත්ත .
රටේ ජනතාවගේ ගෞරවය තියාගෙන ඉන්න තිබුණු මිනිහෙක් .දැන් නිකන්ම නිකන් පුස් මිනිහෙක් වෙලා .කර්මය තමයි
ඒ වෙලාවේ අගමැතිකම භාර ගත්තනම් සජිත්ටත් යන එනමං නැතිවෙනවා. හොරනාමය නිකම්ම වදිනවා. ඒ වෙලාවේ සජිත් මහත්තයා කලේ කලයුතු හොඳම දේ.එහෙම ගියානම් අද සරත් ෆොන්සේකා තමයි සජබෙන් ඉල්ලන්නේ. සරත් වගේ සජිත් මෝඩ නැහැ.
ජෙනරාල් SF ඔබට සුභ පතනවා.
මේ මනුස්සයා දන්නා දේශපාලනයක් ඇත්තටම නැහැ. අර හමුදාපති ධූරයෙන් අයින් වෙලා හිටියනම් අදටත් මිනිසුන් ගරු කරනවා.