
(බී.ජී. චතුරංග)
ජාතික ජන බලවේගයේ ජනපති ධූර අපක්ෂක කරන අනුර කුමාර දිසානායක මහතා අද (19දා) පස්වරුවේ අමටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් බැහැ දැක, අනතුරුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් රට තුල කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බවය. මෛත්‍රිපාල සිරිසේන, චන්ද්‍රිකා කුමාරතුංගද ඔවුන්ගේ පාලන සමයේ කැලෑ නීති ක්‍රියාත්මක කළ බවත් ජාතික ජන බලවේගයක් යටතේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඊයේ දින ප්‍රකාශ නිකුත් කළද, මීට පෙර කිසි දිනක එවන් ප්‍රකාශයක් සිදු කර නැති බවත් මැතිවරණය වෙනුවෙන් එවැනි ලාභ සටන් පාඨ ජාතික ජන බලවේගය තුළ නොමැති බව ද කුමාර දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් පල්ලි ගානේ නොගියාට කමක් නෑ. පුළුවන් නම් මේ රට ගොඩනගන්න...
චන්ද්‍රිකා බලයට ආපු වෙලාවෙත් චන්ද්‍රිකා කිව්වේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලයි. හැබැයි ඒ වෙලාවෙ විකටර් අයිවන් මහත්තයාද කොහෙද කිව්වා චන්ද්‍රිකාටත් විධායක ජනාධිපති ධූරයේ රස දැනුනාම ඕක කරන් නෑ කියලා. අද වෙනකන් විධායක ජනාධිපති ධූරය තියෙනවා. ඒ වගේම අනුරටත් ඕකේ රස දැනුනාම ඕක අහෝසි කරන්න අමතක වෙනවා.
මොකටද ගියේ? මිනිස්සු අන්දවන්න.අන්දවල බලය ෆන්න. ආගම් එපා කිව්ව මේ මිනිහා අද බලයට ඇති කෑදරකම නිසා මෙතෙන්ට ගියේ.නාමයෝජනා දෙන්න කලින් අගලවත් තිබ්බෙ නෑ වැස්සකටවත් පන්සලකට ගියා කියල.මේ මිනිස්සු විස්වාස කල නොගැකියි.ඉන්දියාවෙ ප්‍රවීන රාජ්‍යතාන්ත්‍රිකටෙක් වන ශිවසන්කර් මෙනන්ගෙ "චොයිස්", කියන පොතෙ තියනව ලංකාවට කොටි සංවිධානය සහ ජවිපෙ එකතුව කල විනාසයේ ප්‍රමානය ඩොලර් බිලියන 200ක් බවට.එහෙව් විනාසයක් කරපු මෙ මිනිස්සු රට විනාස නොකරයි කියල කොහොමද හිතන්නෙ??
රනිල් 1977 සිට දේශපාලනයේ යෙදී සිටින අතර තවමත් විහිළුකාරයෙකු මෙන් රැස්වීම් අමතමින් එක්සත් ජාතික පාක්ෂිකයින් පසුගිය මැතිවරණයේදී ලෝකයේ කිසිම හිටපු අගමැතිවරයෙකුට අඩුම ඡන්ද ලබා දීම ගැන (ඔහුගේ මනාප පවා ගණන් කර නැත) ඔවුන්ගේ කෝපය පෙන්වූහ. අඩු ගුණාත්මක ගෑස් බෙදා හැරීමෙන් මතක තබා ගන්න; අහිංසක ජීවිත කිහිපයක් විනාශ වී ඇති අතර එයට වගකිව යුතු බොහෝ දෙනෙක් ඔහු සමඟ මෙම වේදිකාවේ වාඩි වී සිටිති. ශාපයක් ලෙස මරා ගෑස් ටැංකිය ලකුණින් ඡන්දය ඉල්ලනවා.
අනාගත ජනාධිපතිට හැමෝගේම ආශිර්වාදය හා කැමැත්ත ලැබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් නොබියව පෙර එනු අනුර කුමරුවනී...
සුබ පැතුම් ජය වේවා...
ගම අනුරාධපුරේ වුණාට අටමස්ථානය වඳින්න යන ජීවිතේ පළවෙනි වතාව නේද? නිරාගමික කියලා බුදුදහමටයි, සිද්ධස්ථානවලටයි විතරක් බැන බැන ඉඳලා එකපාරටම මොකද දන්නේ නෑ. පන්සල් මතක් වුනේ. සමීක්ශණ වාර්ථා වලින් බෞද්ධ ඡන්ද හම්බෙන්නෙ නෑ කියලා එළි වුණා නේද?
"ජනාධිපති" කියන තනතුර රටට ලොකුම බරක් . ඒක නැති කරන එක ඉතාමත් හොඳ වැඩක් .
ලොක්කා පන්සල් යනවා දකින්නත් ආසයි. ගෝත්‍රික වැඩ කරනවා, කොහොම බලන් ඉන්නද?
පන්සල් යන එක ගෝත්‍රිකයි, බෝ ගහට වඳින එක ගෝත්‍රිකයි, තක්කඩි දේශපාලකයාගේ අන්තිම නවාතැන පන්සලයි කියපු හාදයා මෙන්න බොලේ දැන් පන්සලේ පදිංචි වෙලා. කමක් නෑ මිසදිටු අජාසත්තත් අවසන් මොහොතේදී බුදුන් සරණ ගියානේ.