
(ගයාන් සූරියආරච්චි)
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවගේ පැත්තේ සිට ගෙන තීන්දු තීරණ ගැනීමට පැකිළෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙසේ ද කීය.
මෙවර අයවැයෙන් වකුගඩු රෝග පාලනය වෙනුවෙන් රුපියල් මිලියන 250 ක් වෙන්කර තිබෙනවා. පොලොන්නරුව වකුගඩු රෝහලේ අඩු පාඩු සම්පූර්ණ කරගැනීමට චීන සමූහාණ්ඩුවත් සමග සාකච්ඡා කළා.
සෞඛ්‍ය ඇමැති ලෙස පත්වූ පසු එකම සංගමයක උත්සව දෙකකට සහභාගිවූ අවස්ථාව මෙය බවත් කී අමාත්‍යවරයා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ කවර සංවිධානයක වුවද බලාපොරොත්තුව අපේ රටේ සෑම පුරවැසියකුටම යහපත් ජීවිතයක් ලබාදීමයි.
රජය හැටියට ආණ්ඩුව වියදම්ක රනුයේ ජනතාව ගෙවන බදු මුදල්. භාණ්ඩාගාරයට එකතු කරන සෑම බදු රුපියලකටම අවශ්‍ය ඉහළම වටිනාකම ලබාදීමට රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා.
පසුගිය මාස තුනහමාර ඇතුළත දේශපාලඥයන් වෙනුවෙන් කළ වියදම් සැලකිය යුතු මට්ටමකට අඩු කළා. මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් බිලියන 604 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කිරීමට කටයුතු කළා යැයි අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව පැවැසූවේ ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය විසින් කොළඹ නව නගර ශාලාවේ සංවිධානය කර තිබූ සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.
(ඡායා ඉසුරු පෙරේරා)



;
COMMENTS
ඉස්සර වර්ජන රැළි මෙහෙයවපු අය බලයට ආවම ඒවාගේ ආනිසංස ගැන දැනිලා. කිසිම රජයකට ඔළුව උස්සන්න බැරි තරමට වර්ජන රැළි පවත්වපු අය තමයි මේ. මින් මතු හෝ හැදෙනව නම් හොඳයි. නමුත් එහෙම වෙන්නෙ නෑ
සෞඛ්‍ය අමාත්‍යාංශය හෝදන්න අමාරුයි. GMOA එකට අවශ්‍ය විධියට සෞඛ්‍ය පද්ධතියම දුවවන්න හදනවා අමාත්‍යංශයේ සියලු විද්‍යාත්මක සහ තාක්ෂණික නිලධාරින් වෛද්‍ය වරුන්ට යට වියයුතුයි. ඒ වුනාට වෛද්‍ය වරු වූ පමණින් හොඳ පරිපාලකයින් වන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාලයට තේරුණු දවසේ ඉඳන් මහන්තත්ත්වය ආරුඩ කරගන්නවා. දැන් මම සියලු දුෂ්කරතා විඳ ගෙන කඩයිම පසුකරා. මට සියල්ල ලබියයුතුයි කියලා මතයක තමයි ඉන්නේ. බටහිර රටවල වගේ සමානාත්මතාවය ගෑවිලා වත් නැහැ මෙම ආකල්ප වෙනස් කලයුතුයි.
එහෙනං අපි ඉඳගන්නද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමෝ? කකුලුත් රිදෙනවා.
ඒ වුණාට අපේ සීයා මුත්තා කාලේ ඉඳන්ම දොස්තරලා තමන්ගේ බඩ ගෝස්තරය හදාගත්තා මිස දුප්පත් රෝගීන්ට සැලකුවේ නෑ. හැමදාම සල්ලි තියෙන එකා ජීවත් වෙලා දුප්පත් රෝගීන් මරපු එක තමයි වුනේ. ගිය සතියේ වර්ජනයට රෝගීන් 10-20ක් මැරුණා කියලා ආරංචියි. සිංගප්පූරුවේ ඔහොම වුණා නම් දොස්තරලාට මරණ දඬුවම දීලා...
අපි සමග හිටගෙන නොවේ අපේ කරේත් නැගලා ඉන්නේ... ඒක අපිට ඇඟට හොඳින් දැනෙනවා.. ඒක නිසා තමා පිටරටින් එන හාල්වලට තිබෙන බදුවලට අමතරව තව රුපියල් 65 බද්දකුත් ගහලා ඔක්කෝම බදු රුපියල් 80ක් විතර ගහලා හාල් කිලෝ එක 250 පැනලා තිබෙන්නේ? අද සාමාන්‍ය මනුෂ්‍යාගේ වාහනේ වන ත්‍රිරෝද රථයටත් බදු ගහලා එකත් ලක්ෂ 20 පමණවෙලා, ඔබතුමා කියන විදිහට ජනතාවට විරුද්ධ පැත්තේ හිටගෙන හිටිය දේශපාලුවන් රට පාලනය කරනකොට මෙහෙම බරක් නැහැනේ? කරුණාකර ඔයගොල්ලෝ අපේ කරෙන් බහින්න.. බැහැලා ඕනේ තැනක හිටගෙන බැරි නම් වැඩිවෙලා හරි ඉන්න...
මෙයා දීපු බෙහෙතකුත් නෑ. හොඳ වෙච්චි කෙනෙකුත් නැහැ.
හිටගනින් ඔලුවෙන් .දැන් අපි හිටගෙන නෙමෙයි බන් ඉන්නේ .එල්ලාගෙන ඉන්නේ