(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ජයගත්තද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදා ගත් පියවර නිසා 2023 වසර දක්වා මෙරට ජීඑස්පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.

ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජය ජයගැනීමත් සමග වසරක කාලයකින් පසු මෙරටට එරෙහිව සම්බාධක පැනවීමේ හැකියාව පවතින බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

යහපාලන රජයේ අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා 2017 වසරේ දී යුරෝපා සංගම් සමුළුවට සහභාගී වී ජී .එස්. පී ප්ලස් සහනය එකවර වසර පහක කාලයකට ගැනීමට පියවර ගත් බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට ඒ සමයේදී ම රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණු බව බවද වජිර අබේවර්ධන මහතා කීය.