
(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය බොරු ආදායම් පෙන්වා ජනතාව රවටන එකක් යැයි සමඟි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
මෙය ජනතාවට කිසිම සහනයක් නොලැබුණු ඉලක්කම් හරඹයක් පමණක් යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම මෙය තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ව්‍යාපාර වෙනුවෙන් බදු සහන දුන් ජනතාව පිට බදු පටවන අයවැයක් බව කී මහලේකම්වරයා මෙම වසර මුලදී හඳුන්වා දුන් බදු සහන ද තමන්ගේ හිත මිත්‍රාදීන් වෙනුවෙන් ගෙන ආ ඒවා යැයි කියා සිටියේය.
කොවිඞ් 19 වසංගත තත්ත්වය මර්දනයට හෝ රට වර්තමානයේදී මුහුණ පා ඇති කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වූ හා ව්‍යාපාර විනාශ වූ අය වෙනුවෙන් සහනයක් සැලසීමට මෙම අයවැයෙහි කිසිඳු පැහැදිලි වැඩපිළිවෙලක් ඇතුළත්ව නැතැයි ද මද්දුම බණ්ඩාර මහතා කීවේය.
එය කාලීනව අවධානය යොමුවිය යුතුම අංශයක් වුවත් රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් යැයි ඔහු පැවසීය.
එමෙන්ම මෙවර අයවැය මගින් කලු සල්ලි රටට ගෙන්වීමට ද අවසර ලැබී ඇතැයි කී මද්දුම බණ්ඩාර මහතා සොරකම් කර විදෙස් ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් රටට ගෙන්වා ගැනීමේ අවස්ථාව මෙහි ඇති යෝජනා මගින් හිමිවී ඇතැයි ද කීවේය.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරු ආදායම් පෙන්වා ජනතාව රවටන අයවැයක්