IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


දේශපාලන වැඩවලට හවුල්නොවී රජයේ ඉදිරිගමනට සහායවන්න

(*** නාලක සංජීව දහනායක)

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වියත්මග සංවිධානයේ වියතුන්ගෙන් පෙරේදා (13) ඉල්ලීමක් කළේය.

දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානය ඉදිරියේ තිබෙන බව ද ඔහු කීවේය.

 ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව වියත්මග සංවිධානයේ සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයට පෙරේදා (13) පළමුවරට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

වියත්මග සංවිධානය විවිධ ක්‍ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේ වියත්මඟ සංවිධානයට ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායකවීමට හැකියාව තිබෙන බවය.

ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජනකොටස් ආර්ථික සහ සමාජීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යංශ ස්ථාපනය කර තිබෙන බවකී ජනාධිපතිවරයා එකී අරමුණ ජයගැනීමට දායක විය හැකි ආකාරය පිළිබඳව වියත්මඟ සංවිධානයේ විධායක සභාවට පෙන්වා දුන්නේය.

උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මඟ පෙන්වීමටත් අමාත්‍යවරයා හමුවේ තිබෙන අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහය වීමටත් හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්‍ෂාවන අයුරින් කරගෙන යාමට සියල්ලන්ම වගබලාගත යුතු බව ද ඔහු කීවේය.

විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්ම මහත්මීන්ද, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

 



අදහස් (0)

දේශපාලන වැඩවලට හවුල්නොවී රජයේ ඉදිරිගමනට සහායවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28357 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site