
(අංජුල මහික වීරරත්න)
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
ඉන්දියාව ,චීනය සහ එක්සත් අරාබියේ සංචාරය කොට තිබෙන අතර සැප්තැම්බරයේ දි ජපානයට එන්නැයි ආරාධනාවක් ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කීය.
"පළමු වතාවට රට ගොඩනඟන ආණ්ඩුවක් නිර්මාණය වී තිබෙනවා මීට පෙර හැදුනේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ගොඩනැගෙන ආණ්ඩු.
අප සැලකිය යුතු ප්‍රමාණයකින් මේ ආර්ථික අර්බුදය සමනය කරගෙන තිබෙනවා.ඩොලරය නිදියන විට තව අගයකුත් නැගිටින විට තව අගයකුත් ලෙස පැවතුණා.අද වන විට ඩොලරය රුපියල් 300 සීමාවේ ආරක්ෂා කරගන්නට හැකියාව ලැබී තිබෙනවා.
ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. පොලී අනුපාතය 30-35% අගයකට ගියා.එය අද වන විට සියයට දහයකට වඩා අඩු අගයක තබාගෙන සිටිනවා.එය ආර්ථික ස්ථාවර බව පිළිබඳ සාධකයක් .
මෙරට විදෙස් ආයෝජන දාලා ගියා. විදේශ ආයෝජන නතර වුණා.ඉන්දීය ,ජපන්, චීන රජයන් ඔවුන්ගේ නතර කෙරුණු සියලු ව්‍යාපෘති නැවත ඇරැඹීමට තීරණය කර තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂාවෙන් කතා කරන නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා.වැටුප් වැඩි කරලා තියෙනවා. තවත් පහසුකම් දෙනවා.රාජ්‍ය සේවකයන්ට ඉතිහාසයේ වැඩිපුරම වැටුප් වැඩිවීම ලබාදී තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ජනරැළිය පැවැත්විණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.