IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඡන්දයෙන් පසු රට නොබෙද‌ා ප්‍රශ්න විසඳනවා

(***නාලක සංජීව දහනායක, ***දිනේෂ් උපෙන්ද්‍ර, ***චාමර විමලරත්න)

මහමැතිවරණය ජයගැනීමෙන් පසුව රට නොබෙදා උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණදී සිටින ප්‍රශ්න විසදීමට රජය කටයුතු කරනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත්දා 23 වැනිදා පැවැසීය.

උතුරු හා නැගෙනහිර පළාත්වල දීර්ඝ කාලයක් හමුදා සේවයේ යෙදී සිටි ජනාධිපතිවරයාට එම පළාත්වල ජනතාවගේ සිතුම් පැතුම් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බවද අගමැතිවරයා කීය.

කුරුණෑගල, නිකවැව, රඹේහන්දිය, කුලියාපිටිය, ලබුයාය, පොල්ගහවෙල යන ප්‍රදේශවල ඉකුත් දිනවල පැවති ජනහමුවලට සහභාගිවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

පසුගිය එක්සත් ජාතික පක්‍ෂ රජය කිසිදු සැලැස්මක් හා දර්ශනයක් නොමැතිව රටේ පාලනය කළා. ඒ නිසා රටේත් ජනතාවගේත් අනාගතය සම්පූර්ණයෙන්ම අපතේ ගියා. කොස් කොළ හා ක්‍රෝටන් කොළ කන්න කියල ජනතාවට කියපු උදවිය අද ඡන්දය ඉල්ලා ජනතාව අතරට ඒම විහිළුවක්.

රටේ සංවර්ධනය වගේම ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමත් රජයක වගකීමයි. ජනතාව සමඟ සමීපව කටයුතු නොකිරීම නිසා හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැරල කොළඹට එන්න සිදුවුණා. ඔහු ජනාධිපතිවරණ ජයගන්න හම්බන්තොට ජනතාවට නොයෙක් මාදිලියේ තෑගි, බඩු භාණ්ඩ ලබාදුන්නා. ඒත් ඔහු ජනතාවගේ හදවත හඳුනාගත්තේ නැහැ. ඒ නිසා අඩුම තරමින් තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභාවක්වත් ජයග්‍රහණය කරවාගන්න බැරි වුණා.

ජනතාව බුද්ධිමත් නිසා භාණ්ඩ බෙදාදීම වැනි දේ කරලා දේශපාලනය කරන්න අද හැකියාවක් නැහැ. තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න හැකි පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්න ජනතාව කටයුතු කරනවා. ඒ වගේම පරාජයට සාර්ථක මුහුණ දිය නොහැකි පුද්ගලයන් රටක නායකත්වයට සුදුසු නැහැ. සැබෑ නායකයන් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයන් විය යුතුයි.

මහමැතිවරණය ජයග්‍රහණය කරලා රට නොබෙදා උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරනවා. ජනාධිපතිවරයා හමුදාවේ සේවය කරන කාලයේදී අවුරුදු ගණනාවක්ම උතුරු හා නැගෙනහිර පළාත්වල සේවය කළා. ඔහුට ඒ පළාත්වල ජනතාවගේ සිතුම් පැතුම් ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

පහුගිය පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා එක පැත්තකත් අගමැතිවරයා තවත් පැත්තකත් හිටපු නිසා රට සංවර්ධනය කරන්න බාධා ඇති වුණා. ඒ දෙගොල්ල දෙපැත්තට ඇද්දා. ඒ අර්බුදය ආයේ ඇති වෙන්න දෙන්න බැහැ. ඒ නිසා ජනාධිපතිවරයාගේ පැත්තෙම පාර්ලිමේන්තුවක් හදන්න අපි කටයුතු කරනවා. අපි මැතිවරණයට ඉදිරිපත් කළේ රට, ජාතිය හා ආගම පිළිබඳව හොඳ හැඟීමක් තිබෙන උදවියයි. එවැනි අය පාර්ලිමේන්තුවට එවන්න ජනතාව කටයුතු කරාවි. අපි වැඩ කරන්න ඕන ආසනේට නෙමෙයි’ අපි මුළු රටටම වැඩ කරන්න ඕන. මහමැතිවරණය ජයග්‍රහණය කරල නැවතුණ තැනින් ආයෙමත් රට සංවර්ධනය කරන්න පටන් ගන්නවා.

වරාය හා නාවුක කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහත්වරු හා මහමැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයෝ පිරිසක්ද මෙම ජනහමු ඇමතූහ.



අදහස් (1)

ඡන්දයෙන් පසු රට නොබෙද‌ා ප්‍රශ්න විසඳනවා

Rata Perata Saturday, 27 June 2020 07:34 AM

මේ කියන බොරුවලට මේ අය කොහේ යයිද දන්නේ නැහැ මරණින් පස්සේ..?

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31293 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13489 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10994 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 102 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site