
(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.
මහාචාර්යවරයා දිවියට සමුදෙන් විට හැත්තෑ හතරවැනි වියෙහි පසුවිය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයිකේ පෙරේරා මහතා 2001- 2004 කාල පරාසයේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.
පස්වැනිදා රාත්‍රියේ සිට සෙනසුරාදා පස්වරුව දක්වා දේහය නාවල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර පසුව බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගෙන යන යනු ලැබේ. අවසන් කටයුතු ඉරිදා දහවල් 12.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක්, ඉහළ ගණයේ පර්යේෂකයෙක් මෙන්ම පරිපාලකයෙක් ලෙස උපකුලපති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයි.කේ. පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධව වත්මන් උපකුලපති මහාචාර්යය සුනිල් ශාන්ත මහතා,ප්‍රමුඛ ලේඛකාධිකාරී ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලයත්,අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලුම විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව සාතිශය සංවේගය පළ කර සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කණගාටුදායක ආරංචියක්. එතුමා පළමුවෙන්ම ඉගැන්වීමට පැමිණෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවටයි. එතුමා අති දක්ශ මගාචාර්යවරයෙකු වූ අතර හොඳ මිතුරෙකි. ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.