IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි

(චන්ද්‍රසිරි ගුණසේකර)

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.

හිනිදුම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දිගු කලක් කටයුතු කළ සුනිල් සේනානායක මහතා නෙළුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙස පළමුවෙන්ම දේශපාලනයට අවතීර්ණ විය.

ඔහු නෙළුව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක තිලක් සේනානායක මහාතාගේද සහෝදරයෙකි.

විශ්‍රාමික වෛද්‍ය කල්‍යාණී අබේවර්ධන මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ සුනිල් සේනානායක මහතා එක්දරු පියෙකි.

පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු අද (18) සවස අභාවප්‍රාප්ත වී ඇත.

සුනිල් සේනානායක මහතාගේ දේහය නෙළුවේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් මස 20 වන ඉරිදා සවස 4.00 ට නෙළුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතය. 



අදහස් - (2)

සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි

බටලන්දේ ප්‍රේමලතා Friday, 18 April 2025 09:37 PM

නිවන් සුව ලැබේවා! එක්සත් ජාතික පාක්ෂිකයන් යනු වඳවෙමින් පවතින පිරිසකි.

:       1       0

Lal Fernando Saturday, 19 April 2025 01:45 PM

පව් අප්පා. එජාපය මෙතරම් පහතට වැටුණාද? ප්‍රාදේශීය සභාවක මන්ත්‍රී කෙනෙක් ගැන නේද මේ... ඇයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා නැද්ද?

:       3       0

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 267 0

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 332 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 2086 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7225 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3598 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 287 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


Our Group Site