ලංකාදීප ප්‍රාදේශීය කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතාගේ පියාණන් වූ ගින්තොට වැලිපිටිමෝදර පදිංචිව සිටි ගොඩැල්ලගේ ලයනල් ද සිල්වා මහතා කලක් රෝගාතුරව සිට ඊයේ (7) අභාවප්‍රාප්ත විය.

තුනීලෑලි සංස්ථාවේ විශ්‍රාමික සේවකයකු වූ ඒ මහතා මිය යන විට 86 වැනි වියේ පසු විය. ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරී එරික් ගොඩැල්ලගේ සහ දේවිනි ගොඩැල්ලගේ ගේ පියාණන් ද  විය.

ලයනල් සිල්වා මහතාගේ දේහය බද්දේගම හල්පාතොට අංක 195 නිව්සිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (8) සවස 4.00 බද්දේගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ.