IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


මනමේ පොතේ ගුරු දිවියට සමු දෙයි

 

(සමන්ත යහම්පත්)

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ ‘‘මනමේ‘‘ වේදිකා නාට්‍යයේ  පුරා අඩ සියවසක් පොතේ ගුරු චරිතය රඟපෑ ශ්‍යමන් ජයසිංහ මහතා ඕස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත විය.

මිය යනවිට 78 වැනි වියේ පසුවූ ඔහු ඕස්ට්‍රේලියාවේ පොත් ව්‍යාපාරයක නියැලී සිටි ඇත. ශ්‍යාමන්ගේ අභාවයත් සමග මනමේ මුල් නාටකයේ ප්‍රධාන භූමිකාව රඟපෑ චරිත අතරින් ඉතිරිවී සිටි අවසන් චරිත ද අවසන් විය.

1956 වර්ෂයේදී පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකු ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘‘මනමේ‘‘ නාට්‍යයේ  පොතේ ගුරු චරිතයට පණ පෙවූ ශ්‍යාමන් පුරා වසර 50ක් එම චරිතයට ජීවය දීම විශේෂත්වයකි.

මංගල දර්ශනයේ රඟපාමින් වසර 50කට පසුවත් එම චරිතය නිරූපණය කළ එකම ශ්‍රී ලංකික වේදිකා නාට්‍ය ශිල්පියා ලෙස ඔහු නාට්‍ය ඉතිහාසයට එක් වේ.

1957 දී පේරාදෙණිය සිංහල සංගමයේ සභාපති ලෙස පත් වූ ශ්‍යාමන් ,මහාචාර්ය සරච්චන්ද්‍රෙග් ‘‘කදාවළලු, ප්‍රේමතෝ ජායතී සෝකෝ‘‘, වැනි නාට්‍යවල ද රංගනයෙන් දායක විය. පසුකලෙක ඔහු දයානන්ද ගුණවර්ධන මහතාගේ ‘‘නරි බෑණා‘‘ නාට්‍යයේ  පොතේ ගුරු ලෙස ද රංගනයෙන් දායකවීම විශේෂත්වයකි. 

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්හනය පිළිබඳව උපාධිය ද හිමිකරගත් ශ්‍යාමන් පසු කළෙක  ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. ඔහු 1994 දී කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර විශ්‍රාම ගැනීමෙන් පසු සිය දරුවන් දෙදෙන සමඟ ඕසට්‍රේලියාවේ පදිංචියට ගියේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙන ඇත.



අදහස් - (1)

මනමේ පොතේ ගුරු දිවියට සමු දෙයි

S ILEPERUMA Wednesday, 07 June 2023 09:02 PM

ඔහුගේ වයස වැරදියි. ඔහුට වයස අවුරුදු 78ක් නම් 1946 ඉපදෙන්න ඇති .එවිට 1956දී ඔහුට වයස අවුරුදු 10යි. නමුත් 1956 දී ඔහු විශ්වවිද්‍යාලයේ සිටියා

:       0       8

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1120 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1507 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2499 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 1999 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1971 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5419 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site