IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් සමුගනී

ශ්‍රී ලංකේය ගීත සාහිත්‍යයට අමරණීය ගීත රාශියක් දායාද කළ ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් මහතා ඊයේ (1) සිය දිවි ගමන නිමා කළේය.  

‘මැණිකේ ඔබේ සිනාවේ’, ‘දෑස පා සිනා කියන රහස තේරුණා’, ‘මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ’, ‘නෙත් යුග රන් තරු’, ‘සුදු සඳ රැස් ගලන’, ‘ශ්‍රීණි විභූෂිත ලංකා’, ‘කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක’, ‘දුනුකෙයියා මලක් වගේ’, ‘සඳක් නැගී සඳක් ගිලෙයි’ ආදී ජනප්‍රිය ගීත රාශියක් ඔහු රචනා කර ඇත.

හේම ශ්‍රී ද අල්විස් මහතා විසින් රචිත මුළු ගීත සංඛ්‍යාව 2000 ක් පමණ වේ.

අල්විස් මහතා 1977 සිට 1997 දක්වා ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙසද කටයුතු කළ අතර, කලක් වෙළෙඳ දැන්වීම් ක්ෂෙත්‍රයේ නිර්මාණ රචකයෙකු ලෙස ග්‍රාන්ට් ආයතනයේ ද කලක් සේවය කළේය.

ඔහු එහිදී එකල ප්‍රසිද්ධියට පත්ව සිටි ගායක ගායිකාවන් රැසකට මෙන්ම චිත්‍රපට රැසකටද ගීත රචනා කර ඇත.

සිංහල බස සුන්දර හා අරුත්බර ලෙස මෙන්ම ලයාන්විත විලාශයකින් පෙළ ගැස්වීමේ මනා හැකියාවක් ඔහු සතුවිය.

ගුවන් විදුලියේ ‘ඒ’ ශ්‍රේණියේ ගායිකාවක වූ අයිරින් ද අල්විස් මහත්මිය සමඟ විවාහ වී සිටි හේම ශ්‍රී ද අල්විස් මහතා පුතුන් දෙදෙනකුගේ පියෙකි.

අයිරින් ද අල්විස් මහත්මිය ද ඔහු විසින් රචිත ‘දෑස පා සිනා’, ‘සඳ වගෙ ලස්සන රූපිකා’, ආදී ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කර ඇත.

අයිරින් ද අල්විස් මහත්මිය ද 2018 වසරේදී අභාවප්‍රාප්ත වූවාය.

(ඩයනා උදයංගනී)


 



අදහස් - (0)

ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

අගා ජයසේන දිවි සරිය නිමවයි
2025 ඔක්තෝබර් මස 28 165 0

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අගා ජයසේන මහතා අද (28) අභාවප්‍රාප්ත විය.


ලේඛිකා සෝමා ජයකොඩි දිවි සැරිය නිම කරයි
2025 ඔක්තෝබර් මස 27 1966 1

ප්‍රවීණ ග්‍රන්ථ කතුවරියක් වන සෝමා ජයකොඩි මෙනවිය අභාවප්‍රාප්ත වූවාය.


මාධ්‍යවේදී ශානුකගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
2025 ඔක්තෝබර් මස 12 7132 0

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්න මහතාගේ බිරිඳ මනෝජා මධුවන්ති කරුණාතිලක මහත


තුං තුඹ මලින් ආ මල් කෙල්ල නොකියම යයි
2025 ඔක්තෝබර් මස 08 3553 1

ප්‍රවීණ ගායිකාව්ක හා රංගන ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුනවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.


මොරවක ගුණසිරි හිමි අපවත් වෙති
2025 ඔක්තෝබර් මස 07 270 0

වැලිගම මිදිගම තුර්කි ගම්මානයේ ශාසනවංශ බෞද්ධ මධ්‍යස්ථානාධිපතිව වැඩ විසූ මොරවක ගුණසිරි හිමියන් අපවත් වූහ.


රාණි අධිකාරි කළුරිය කරයි
2025 ඔක්තෝබර් මස 06 435 0

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ඒ.එම්.එස් අධිකාරි මහතාගේ දයාබර බිරිඳ වූ උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රථම කාන්තා ඇමතිවරියක වන රාණි


Our Group Site