ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල) පියසේන දිසානායක මහතාගේ මෑණියන් වන පී. එම්. සුදුබණ්ඩි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

අභාවප්‍රාප්ත වන විට 94 වැනි වියෙහි විසූ සුදුබණ්ඩි මාතාව පියසේන දිසානායක, මාධ්‍යවේදී විමල් දිසානායක මහත්වරුන් ඇතුළු දරු දැරියන් හය දෙනකුගේ මෑණියෝ යි.

දේහය අංක 122, විහාරමුල්ල පාර, මොනරාගල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මොනරාගල සුසානභූමි ආදාහනාගාරයේ දී හෙට (30) සවස 4ට සිදු කෙරෙයි.