
(ආරියරත්න රණබාහු)
ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (5) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 85 වියේ පසුවූ ඇය පස් දරු මවකි.
1955 වසරේ තිරගත වූ අසෝකා 1956 ඩිංගිරි මැණිකා 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟනෙයන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර ඇත.
ඇය ගැයූ ගීත අතර මටත් හොරා මා හද, සෙනෙහෙ වඩා, ක්‍රිස්ටි ද මෙල් සමඟ හෙළ දිව පිපි කමලේ, දයා රත්න සේකර සමඟ හේනේ කුරහන්, මොහිදින් බෙග් සමඟ මේ ශාන්ත වූ, මෙදා පොටේ වැඩේ ආදී ගීත රැසක් ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණන්දන වින්දන ගීත වැඩ සටහනෙ ඔබ පෙනී සිටිය මට මතකයි. ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරමි.
ඔබතුමිය ගේ රඟපෑම් වගේම ගීතත් අප රසවින්දා. ඔබට පින්! හෙළදිව පිපි කමලේ මගේ ප්‍රියතම ගීතයක්. දෙව්මව් තුරුළේ සරණ ලැබේවා!