
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 83 වැනි වියේ පසුවිය.
පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.
ගාමිණී ජය වික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ගියේය.
ඒ් මහතාගේ අවසන් කටයුතු කුරුණෑගල පන්නල ක්‍රීඩාංගණයේදී අනිද්දා (20)පස්වරුවේ සිදු කෙරෙයි. දේහය කටුගම්පල මාහොලව නිවසේ තැන්පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව පතමි...!
නිවන් සුව පතමු. ඒත් සංවර්ධන සභා ඡන්ද කාලේ යාපනය ප්‍රදේශයේ මොහු ඇතුලු කණ්ඩායම කළ ක්‍රියා... මතක තියෙන අය තවම ඉන්නවා නේද?
තරුණ කාලේ මෙතුමා ඉතාම කාර්‍යක්ශමව වැඩ කලේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත ගම්වලට ගියා සංවර්ධන වැඩවලට... පළාතට නායකත්වය දුන්නු කෙනෙක්. ඒත් අවසානයේ unp එකට කොක්ක ගහල චොර වුණා..
ඔබතුමාට උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා! මහත්මා දේශපාලනය කරපු අන්තිම පරපුර මිය යමින් පවතියි. ජඩ, මජර, අමන හැත්තක් බලය ගැනීමට කුණු පොරයක යෙදී සිටීයි.
මැරෙන කොට අසරනයි, 77-89කාලේ අංක එකේ මැරකම් කළ අයෙක්, මේ අයට එරෙහිව තමයි එදා තරුණයෝ සන්නද්ධ වුනේ. ජවිපෙට දොස් කීව්වට මෙයාලා තමයි ඕවාට මුල, එදා අසාධාරණයට එරෙහි තරුණ සියල්ල සටන් කළා.. ජවිපෙ එකවරක් දොස් තබන විට, 82 කුප්‍රකට ජනමත විචාරණය, 83 ජූලි කලබල මත ජවිපෙ තහනම් කිරිම, 80 දි මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හරිද කියලා මතක් කරගන්න.
17 වසරක ශාපය කාලේ ඡන්දයක් එන කාලයට මෙතුමාත් මල්ලිත් විරුද්ධ පාක්ෂිකයින්ට හරියට ආදරෙයි. ගෙයින් එළියට බහින්න එපා කියලා නිල නොලත් ඇඳිරි නීතිය පනවනවා... කෂ්ටියගේ දැන් බල සිදී බිඳී ඇත.
කළගෙඩි, ලාම්පුව ඡන්ද දිනපු වෙලාවේ විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් අසලම තිබුණු පොල් ගස් කපලා දෙනවා... ඒ ගස් වැටුනේම ගෙවල වහලා උඩට, එයාලාට හරිම සතුටුයි.
පළාත් සභාවක් හැටියට වයඹ ඉදිරියට ගෙනාවේ මෙතුමා. කළ හොඳ කිවයුතුයි...
පක්ෂ විපක්ෂ කාගේත් ගෞරවය ලබා ගත් මහත්මයෙක්.දේශපාලනයෙන් හරිහම්බ කර නොගත් ඇමැතිවරු අතලොස්සෙන් ඉදිරියෙන්ම සිටි අයෙක්.වයඹින් බිහිවූ ප්‍රතාපවත්ම දේශපාලන පෞරුෂය අදටත් ඔහු පමණයි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පරිසර හිතකාමියෙක්.දැඩි තීන්දු තීරණ ගැනීමට පසු බට නොවූ අයෙක්.ප්‍රතිපත්ති ගරුක දේශපාලකයන්ගේ අවසන් පුරුකක්..නායකයානෙනි.ඔබට නිවන් සුව