IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ඇය අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියෙහි පසුවිය.  

ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලාංකීය සිනමාව වෙනුවෙන් සිනමා නිර්මාණ දායාද කළාය.

ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ සිනමා වරම් ලැබූ ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් ”ගම්පෙරළිය”, ”දෙලොවක් අතර”, ”රන්සළු”, ”අක්කර පහ”, ”ගොළු හදවත” සහ ”බක්මහ දීගේ” වැනි චිත්‍රපටවලට සම්බන්ධ වූවාය.

“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඇය “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ” සහ “වෛෂ්ණාවී” වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කළාය.

“ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට ද පිවිසි ඇය සිය සැමියා වන ලෙස්ටර් ජේම්ස් සූරීන් සමඟ එක්ව “ගොළු හදවත” ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂණයෙන් ද දායක වූවාය.

සිනමා සංස්කාරවරියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක ලෙස දෙස් විදෙස් සම්මානයන්ගෙන් ද ඇය පිදුම් ලැබුවාය.

ඉකුත් වසරේ ඇය ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත. 

(ඩයනා උදයංගනී)


 



අදහස් - (0)

හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1077 0

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1418 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2498 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 1999 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 1970 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5418 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site