ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයෙකු වු සුජීව හරිංශ්චන්ද්‍ර මහතා අද (08) දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය.
මියයන විට 59 වන වියේ පසු වු ඒ මහතා දෙදරු පියෙකි. ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ වැඩසටහන් පාලකවරයා ලෙස කටයුතු කළේය.
1986 දී ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ සහන නිවේදකයෙකු ලෙස බැඳී ඇති ඒ මහතා ඉන් පසුව ඔහුගේ මනා හඬ පෞරුෂත්වය නිසාම ප්‍රවෘත්ති නිවේදන කලාවට සහ වෙළඳ දැන්වීම් නිවේදන කලාවට නැතිවම බැරි ශිල්පියෙකු බවට පත්විය.
දේහය හෙට(09) පෙරවරු දහයේ සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල ඒ එෆ් රේමන්ඩ් මල් මල්ශාලාවේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු අනිද්දා (10) සවස හතරට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
COMMENTS