
බාඳුරාගොඩ උඩුඋල්ල විසූ විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ඩී.ආර්. විජේසුන්දර වික්‍රමනායක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 85 වැනි වියේ පසු වූ ඇය, මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සහකාර විදුහල්පති ලෙස සේවය කළ, අභාවප්‍රාප්ත එඩ්වඩ් වික්‍රමනායක මහතාගේ ආදරණීය බිරිඳය.
ඇලබඩගම මුස්ලිම් විද්‍යාලය, බාඳුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලය, කිතුල්වල මුනිදාස කුමාරතුංග කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක තිස් වසරකට වැඩි කාලයක් සේවය කළ ගුරුවරියක වන වික්‍රමනායක මහත්මිය, ‘ලංකාදීප’ නියෝජ්‍ය කර්තෘ රංජන් වික්‍රමනායක සහ කපිල රොෂාන් වික්‍රමනායක යන මහත්වරුන්ගේ මෑණියෝය.
දේහය උඩුඋල්ල නිවෙසේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර, ආදාහන කටයුතු හෙට (6 වැනිදා) පස්වරු 2.30ට මීරිගම විල්වත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd