
(ආරියරත්න රණබාහු)
ප්‍රකට ග්‍රන්ථ කතෘවරයෙකු වු සම්මානනීය මහාචාර්ය නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා අද( 13 )පෙරවරුවේ අභාවප්‍රාප්ත විය
මිය යන විට 80වන වියෙහි පසුවු ඒමහතා දෙදරු පියෙකි.
අධ්‍යාපනය මනෝ විද්‍යාව,සහ සාහිත්‍ය විචාර ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති ඒ මහතා එම ක්ෂේත්‍රවලට මහත් සේවාවක් සිදු කළ විද්වතෙකි.
දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර ඒ මහතාගේඅවසන් කැමැත්ත පරිදි හෙට (14) පෙරවරුවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයටදේහය භාරදෙන බවපවුලේ ඥාතිහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම දුක්බර පුවතක්.... මාගේ සාතිශය සංවේගය පුද කරනවා